74 වන ඉන්දීය ජනරජ දින සැමරුම

Date:

74 වන ඉන්දීය ජනරජ දිනය කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් 2023 ජනවාරි 26 වන දින කොළඹ දී සමරන ලදී. ලොව විශාලතම ලිඛිත ව්‍යවස්ථාව වන ඉන්දියානු ව්‍යවස්ථාව බලාත්මක කරන ලද්දේ 1950 වසරේ ජනවාරි 26 වන දින ය. ව්‍යවස්ථාවේ පූර්විකාව ඉන්දියාව ස්වෛරී, සමාජවාදී, අනාගමික, ප්‍රජාතාන්ත්‍රික ජනරජයක් බව ප්‍රකාශ කරයි. 2022 සැප්තැම්බර් මාසයේ දී ලොව පස් වන විශාලතම ආර්ථිකය බවට පත් වීමෙන් අනතුරුව පැවති පළමු ජනරජ දින සැමරුම මෙය යි.

2.       දිවි පිදූ ඉන්දීය සාම සාධක හටයන් හට ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය අසල දී පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මැතිතුමා සිය නිල නිවස වන ඉන්දියා හවුස් හිදි ඉන්දීය ජාතික ධජය එසවීය. ඉන් අනතුරුව එතුමා හමුදා උත්තමාචාර නිරීක්ෂණය කළේය. මෙහි දී මහ කොමසාරිස්තුමා විසින් ඉන්දීය ජනාධිපතිතුමියගේ ජනරජ දින කතාව ද ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නිකුත් කරන ලද විශේෂ වීඩියෝ පණිවිඩයක් ද මෙම අවස්ථාවේ දී විකාශය කරන ලදී.

3.       ශ්‍රී ලංකා නාවික හමුදා වාද්‍ය වෘන්දය විසින් ගීත ඉදිරිපත් කළ අතර මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද සංස්කෘතිකාංග රැසක් ද මෙහිදී ඉදිරිපත් කෙරිණ. ඉන්දියානු ප්‍රජාවේ සාමාජිකයන් සිය ගණනක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

4.       ජනරජ දිනය නිමිත්තෙන් විශේෂ ප්‍රිය සම්භාෂණයක් අද සන්ධ්‍යාවේ දී ඉන්දියා හවුස් හිදි පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල සම්භාවනීය අමුත්තන් රැසක් මෙම උත්සවයට සහභාගී වනු ඇත.

5.       මෙවර ජනරජ දින සැමරුම් පැවැත්වෙන්නේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීම සඳහා ලිඛිත  මූල්‍ය සහතිකය ලබා දුන් ප්‍රථම ණයහිමි රාජ්‍යය බවට පත් වීමෙන් සති දෙකකට පසුව ය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය හා සමපාත වන මෙම සහය 2022 වසරේ දී ශ්‍රී ලංකාවේ ජනතාව සදහා ඉන්දියාව විසින් ලබා දුන් ඇමරිකානු ඩොලර් බිලියන 4 ක පෙර නොවූ විරූ ආර්ථික, මූල්‍ය සහ මානුෂීය සහයෝගය ඉදිරියට ගෙන යාමකි.

6.       එසේම, මෙම වසරේ ජනරජ දින සැමරුම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව නිදහසෙන් 75 වන වසර සමරන අවස්ථාවේ දී යෙදී තිබේ. තවද, මෙම සමීප අසල්වාසි රාජ්‍යයන් ද්විත්වය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හි 75 වන වසර ද සමරයි.

7.       හම්බන්තොට සහ යාපනය ඉන්දියානු කොන්සියුලර් ජෙනරාල් කාර්යාල සහ මහනුවර සහකාර මහ කොමසාරිස් කාර්යාලය ද 74 වන ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබිණ.

***

කොළඹ

2023 ජනවාරි 26

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...

සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : ඊයේ (28) පැවැති...