සදර්න් ඔඩිසි නුදුරේදීම …

Date:

මත්තල ගුවන් තොටුපලින් මෙරටට පැමිණෙන රුසියානු සංචාරකයන් දකුණු පළාතේ සංචාරක ස්ථාන වෙත රැගෙනයාම සදහා සදර්න් ඔඩිසි දුම්රියක් යෙදවීම කෙරෙහි අවධානය යොමු වෙයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පැවැත්විය.

රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපතිවරයා හා මත්තල වෙත රුසියානු සංචාරකයන් රැගෙන එන රුසියානු නියෝජිත ආයතනයේ නියෝජිතයෝ් තිදෙනෙක් සහ මෙරට නියෝජිතයෝ දෙදෙනෙක් ද එම සාකච්ඡාවට එක්වුහ.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පිහිටි නෙඵව ලංකාගම, දුවිලිඇල්ල ආශ්‍රිත කලාපය, අකුරැස්ස, කැටන්විල, දෙදියගල හා දෙනියාය ප්‍රදේශ මුල්කර ගනිමින් පලමු අදියරේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කෙරේ. මෙම දුම්රිය මුලික අදියරේදී ගාල්ල දක්වා ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට ද මෙහිදී සාකච්ඡා වී ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞදි ඔටුන්න හිමි කුමරුගේ ධවල මන්දිර සංචාරයට පෙර ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රධාන අවි ගනුදෙනුවකට අත්සන් තබයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදිහි ඔටුන්න...

සාධාරණ ක්‍රීඩා තරුව තේරීම අවසන් තිදෙනා දක්වා කෙටි කෙරේ – තීරණය 29 වන දා

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

මෙහෙමත් රැලි ….

මත්ද්‍රව්‍ය වසංගතය යනු රැකියා වියුක්තිය, නාගරික පැල්පත් වැඩිවීම, නූගත්කම...

තැපෑලට වෙනසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18) දින...