ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානම්: හිටපු ජනපති මහින්ද

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානම් බවයි. එසේ පැවසූවේ අනුරාධපුර පුදබිමට ඊයේ (27) පැමිණි අවස්ථාවේදීය.

ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වූ හිටපු ජනාධිපතිවරයා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ද හමු වී ඉන්පසුව රුවන්වැලි මහ සෑය වැද පුදා ගනිමින් රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක හිමියන් ද හමුවිය.

පසුව මාධ්‍යවේදීන් විසින් ලඟ එන මැතිවරණය සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්න සඳහා රාජපක්ෂ මහතා පිළිතුරු ලබාදුන්නේ මෙසේය.

මාධ්‍යවේදියා – දැන් කොමිෂන් සභාවේ එක්කෙනෙක් අයින් වෙලා තියෙනවා මේ ඔක්කොම ඡන්දෙ කල්දාන්න ද ?

පිළිතුර – නෑ නෑ අපි ඔක්කෝම සූදානම් නේ. අපි මොකටද කල්දාන්නේ.

මාධ්‍යවේදියා- ප්‍රතිවාදී පිල ශක්තිමත් කියලා සමහරු කියනවා?

පිළිතුර – සමහරු කියනවා ඉතින්. සමහරුනේ කියන්නේ. රටේ වැඩිදෙනා කියන්නේ අපි ශක්තිමත් කියලා.

මාධ්‍යවේදියා – තියේවිද හිටපු ජනාධිපතිතුමනි?

පිළිතුර – තියේවී නේ. තිබුණොත් අපි ලෑස්තියි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!

කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...

ජපන් – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කළ විසි වසරක මෙහෙවර ඇගයීමට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව...