ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානම්: හිටපු ජනපති මහින්ද

Date:

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානම් බවයි. එසේ පැවසූවේ අනුරාධපුර පුදබිමට ඊයේ (27) පැමිණි අවස්ථාවේදීය.

ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වූ හිටපු ජනාධිපතිවරයා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ද හමු වී ඉන්පසුව රුවන්වැලි මහ සෑය වැද පුදා ගනිමින් රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක හිමියන් ද හමුවිය.

පසුව මාධ්‍යවේදීන් විසින් ලඟ එන මැතිවරණය සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්න සඳහා රාජපක්ෂ මහතා පිළිතුරු ලබාදුන්නේ මෙසේය.

මාධ්‍යවේදියා – දැන් කොමිෂන් සභාවේ එක්කෙනෙක් අයින් වෙලා තියෙනවා මේ ඔක්කොම ඡන්දෙ කල්දාන්න ද ?

පිළිතුර – නෑ නෑ අපි ඔක්කෝම සූදානම් නේ. අපි මොකටද කල්දාන්නේ.

මාධ්‍යවේදියා- ප්‍රතිවාදී පිල ශක්තිමත් කියලා සමහරු කියනවා?

පිළිතුර – සමහරු කියනවා ඉතින්. සමහරුනේ කියන්නේ. රටේ වැඩිදෙනා කියන්නේ අපි ශක්තිමත් කියලා.

මාධ්‍යවේදියා – තියේවිද හිටපු ජනාධිපතිතුමනි?

පිළිතුර – තියේවී නේ. තිබුණොත් අපි ලෑස්තියි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර සහනාධාරය QR ක්‍රමයට!

කොළඹ LNW:ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමේදී ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ...

අල්ලස් චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තවදුරටත් රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ්...

ජාතික ක්‍රීඩා චෙස් පිරිමි සූරතාවය වයඹට කාන්තා සූරතාවය බස්නාහිරට

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ගාල්ල නගර...

පෑලියගොඩ වෙඩිතැබීමක්. තුවාලකරුවෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද...