මාර්තු 9 ඡන්දය පැවැත්වෙනවා. ඒක අපට විශ්වාසයි – අනුර කුමාර (VIDEO)

පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වෙනිදා අනිවාර්යයෙන්ම පැවැත්වෙන්නේය යන්න තමන්ට විශ්වාස බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් තවත් ඉතිරිව ඇත්තේ එක් පියවරක් පමණක් බවයි ඒ මහතා සඳහන් කළේ.

මැතිවරණය නැවැත්වීමට දැනට ඇති එකම අවස්ථාව දැනට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතින නඩුව පමණක් බව පැවසූ ඒ මහතා එසේවෙතත් අධිකරණ පද්ධතියේ මූලික කාර්යභාරය වන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම බැවින් සහ ඡන්දය යනු ජනතාවගේ මූලික අයිතිවාසිකමක් බැවින් මාර්තු 09 වනදා ඡන්දය පැවැත්වීම ස්ථිර බවත් ඒ මහතා සඳහන් කළේය.

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ පෙරේදා (27) කොළඹදී පැවති ජාතික ජන බලවේගයේ බැංකු වෘත්තිකයින්ගේ සමුළුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදීම : අත්අඩංගුවට ගත් සිරස කැමරා ශිල්පියා පොලිස් ඇප මත නිදහස් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයි !

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු...

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්