පාර්ලිමේන්තුව අවසාන (වාර අවසාන) කිරීමත් සමඟ කමිටු 70 ක් අහෝසි…

Date:

පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසන්නේ මෙතෙක් ක්‍රියාත්මකවූ කෝප් ,කෝපා ඇතුළු කමිටු 70 කට ආසන්න සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව අවසාන (වාර අවසාන) කිරීමත් සමග අහෝසිවී යන බවකි.

නමුත් , පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ කාරක සභාව, උසස් නිලතල පිළිබද කාරක සභාව , විශේෂ කාරක සභා සහ ආංශික අධීක්ෂණ කාරක සභා වාර අවසාන කළද අහෝසි නොවේ.

මේ අනුව නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාව ආරම්භ කිරීමෙන් පසුව තේරීම් කාරක සභාව පිහිටුවා නව සාමාජිකයන් පත් කර එම කමිටු නැවතත් පිහිටුවිය යුතු අතර මෙතෙක් යථා පරිදි පාර්ලිමේන්තුව විසින් සලකා නොබලන ලද ප්‍රශ්න සහ යෝජනාද වාර අවසාන කිරීමත් සමග අහෝසි වන අතර මන්ත්‍රීවරුන් ඒ ප්‍රශ්න සහ යෝජනා නැවතත් ඉදිරිපත් කරමින් ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතු බවද ඔවුහු පෙන්වා දෙති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවද අහෝසි නොවන අතර නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය 2020 අ‌ගෝස්තු 20 සිට 2021 දෙසැම්බර් 12 දක්වාත්, දෙවන සභාවාරය 2022 ජනවාරි 18 සිට 2022 ජූලි 28 දක්වාත් ක්‍රියාත්මක විය.

පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසන්නේ මේ අනුව නව වැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරය 2022 අගෝස්තු 03 දින ආරම්භවූ අතර පාර්ලිමේන්තුව පසුගිය (27) වැනිදා වාර අවසාන කරන මොහොත වනවිට දින 58ක් රැස්ව ඇති බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ජනාධිපති නීතිඥවරුන් සිව් දෙනෙකු දිවුරුම් දෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : නව ජනාධිපති නීතිඥවරුන්...

මහා ජන හඬේ සූදානම!(PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය...

ඕස්ට්‍රේලියානු රජය වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි.

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව ප්‍රථම...

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති පැල් රකිමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග...