නිදහස ලබා පුරා වසර හැත්තෑපහක් ගතවූ ඉක්බිති හැත්තෑපස්වන නිදහස් දිනය සැමරීමට සිදුව ඇත්තේ නිදහස සැමරීම අතහැර දැමුවහොත් ලෝකයා ලංකාව බංකොලොත් රටක් ලෙස සලකා ණය දීම අතහැර දමනු ඇතැයි යන බිය නිසාය. හැත්තෑ පස්වන ජාතික නිදහස් දිනය සැමරීම සඳහා ඉදිරිපත් කල හැකි එකම සාධාරණ හේතුව ලෝකයෙන් ණය ගැනීමට එය සුදුසුකමක් ලෙස සැපිරිය හැකිවීම නම්, ජාතිය මුහුණ දෙන මීටත් වඩා තවත් ඛේදවාචකයක් තිබිය හැකිද …?
ලංකාව සමඟ එකම යුගයක නිදහස ලැබූ අවට බොහෝ රාජ්‍යයන් අද දියුණුවේ හිනිපෙත්තේ සිටියදී සහ සුදු අදිරාජ්‍යවාදීන් ලංකාවෙන් පිටව යාමට පෙර දියුණු රටක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය සියළු දේම භූමියේ සපුරාදී තිබියදීත් වසර හැත්තෑපහක් ඉක්බිත්තෙන් රට මෙවන් බංකොලොත් අගාදයකට ඇදවැටුනේ මන්දැයි සැකෙවින් විශ්ලේෂණය කිරීමට මෙහිදී මා අදහස් කරමි.
ධනවාදයේ ව්‍යාප්තකරණය යනු අන් කවරක්වත් නොව ඓතිහාසික කාර්මික විප්ලවයේ අවශ්‍යතාවලට අනුගතවන පරිදි පූර්ව කාර්මික විප්‍රදේශ ප්‍රජාව ලෝක ආර්ථිකය හා ඒකාබද්ධ කල ව්‍යාපෘතියකි. මෙහිදී ලොව වෙසෙන කිසිදු ප්‍රජාවකට එය වැලඳගන්නවා මිස ඉන් පිටත කිසිදු පැවැත්මක් තිබුනේ නැත.
මෙහිදී “නිදහස” යන වචනය පවා අයත් වන්නේ එකී නව ශිෂ්ඨාචාරයේ බාෂාවටය, මන්ද පූර්ව කාර්මික සමාජවල ඉන් පෙර නිදහස් පුරවැසියන් නොසිටි බැවින්.
ඇත්තෙන්ම “නිදහස” යනු පෙරදිග වැඩවසම් පරාධීනත්වයට විරුද්ධාබාෂයක් ලෙස පැමිණි නව්‍ය යුගයක ශිෂ්ඨ සංකල්පයකි. අප නිදහස සමරණ නිදහස් උළෙලේ රඟ දැක්වෙන සියල්ල පවා බටහිර ධනේශ්වර සංස්කෘතියේ සංඛේතයන්ය. “වෙඩි මුර” “යුධ රථ පෙළපාලි ” මේ සියල්ල නව බටහිර සබ්‍යත්වයක සිම්බල්ය. එය එසේ වන්නේ “නිදහස” සැමරීම යන්න නව්‍ය ලෝකයට අයත් දෙයක් මිස කුළීනයන් හමුවේ කුළ හීනයන් වැඳ වැටුණු වැඩවසම් දුනු ඊතල යුගයට අයත් දෙයක් නොවන බැවින්.
මෙහිදී වෙඩි මුර, යුධ රථ පෙලපාලි සහිත ගෝළීය බාෂාවකින් අපි නිදහස සැමරුවද අපි සැබෑවටම අපේ මනෝ විකාර නිදහස සොයා ගැනීමට උත්සාහ කලේ අතීතකාමී දූපත්වාදයක හුදෙකලා වෙමින් සහ සිංහල බෞද්ධ පැන්ටසි ආර්ථිකයක තවතවත් තනි වීමෙන්ය. ලැබූ නිදහස අර්තවත් වීමට නම් බටහිර ධනවාදී බලාධිකාරයෙන් ස්වායක්ත වූ රාජ්‍යයක් ලෙස අපි ස්තානගතවිය යුතු බැව සැබෑවකි. නමුත් එය සිදුවිය යුත්තේ ජාත්‍යන්තර කරණයවූ ලෝක ආර්ථික ක්‍රමය තුල ස්වකීය අනන්‍යතාවය ඉස්මතු කර ගැනීමෙන් මිස හුදෙකලා අතීතයකට පල්ලම් බැසීමෙන් නොවේ. නමුත් අනගාරික ධර්මපාලගෙන් පටන් ගත් මේ වර්ගයේ ලිං මැඩි නිදහස් අරගලය බන්ඩාරනායක යටතේ බයානක දේශපාලන ව්‍යාපෘතියක් ලෙස ඕවර් ඩෝස් විය. එතෙක් පැවති ඉංග්‍රීසියෙන් කෙරෙමින් තිබූ පාසල් අධ්‍යාපනය හා රාජ්‍ය කටයුතු “සිංහල පමණයි” කිරීම තුලින් ඉපදෙන්නට පෙරම ලෝක ආර්ථිකයෙන් ජාතියේ පෙකනි වැල කපා දැමුනි. මේ ජාතිකවාදී ක්‍රියාන්විත වල මූලයන් ඊට පෙර සිටම තිබුනත් සමස්ථ ජාතියම සිංහල බෞද්ධ ලෝකයක අතරමංවීම ඈරඹෙන්නේ මෙතැන් සිටය.
නෙල්සන් මැන්ඩෙලා යනු ලෝක නිදහස් අරගලවල පරමාදර්ශය බවට පත්වූ චරිතයකි. මෙහිදී ඔහුගේ බූමිකාවේ ඇති වැදගත්කම නම් ඔහු ඔවුන්ගේ නිදහස් අරගලයේ පරමාදර්ශය ලෙස ගත්තේ ඔවුන්ගේ අතීත ගෝත්‍ර ඉතිහාසය නොවේ, ඒ වෙනුවට බටහිර ශිෂ්ඨකරනය තුල ස්වකීය ජාතියේ සාරය මතුකර ගැනීමට ඔහු උත්සාහ කලේය.
ලෝකය කනපිට හැරවූ මහා කාර්මික විප්ලවය විසින් සියළු දූපත්වාදී අතීත අනුරාගයන් ඒ වනවිටත් වාෂ්ප කරදමා අවසන්ව ඇතිබව නෙල්සන් මැන්ඩෙලා වන්වූ පළල් මනසක් ඇති නායකයන්ට වැටහුනාට හිඟන ජාතිකවාදී මානසිකත්වයන් ඇති අපේ නායකයන්ට එය වැටහුනේ නැත. පරිදියේ රටවල්වල සිටින වැඩවසම් අශිෂ්ඨයාට බටහිර ශිෂ්ඨයාව කැඩපත් කරනය කරගනිමින් තමා තුලින්ම බටහිර අනෙකෙකු නිර්මාණය කරගැනීම විනා ආසියානුවන්ට නූතන ලොකයට පිවිසිය හැකිවූ වෙනත් මාවතක් නොවිය.
නේරු, ගාන්ධි වැනි කලාපයේ වෙනත් නායකයන්ට ජාතිය එවන් මාවතකට රැගෙන යාමේ විබවයක් තිබී ඇතත් අපේ නායකයන්ට එවන් විබවයක් තිබී නැත. පැරණි අශිෂ්ඨත්වයන්ගෙන් මිදිම නිදහස ලබාගැනීම සඳහා මූලික සුදුසු කම වන බව වරක් ගාන්ධි පවසා ඇත. ඇත්තෙන්ම ගාන්ධි සහ නේරු යනුද බටහිර ශිෂ්ඨකරනය විසින් ශිෂ්ඨ සම්පන්න කල ලිබරල් නායකයන් මිස පැරණි ලෝකයේ රදළ රාජාන්ඩු නායකයන් නොවේ.
බටහිර ශිෂ්ඨකයාගේ ශිෂ්ඨත්වයේ ගැඨළු පවතින බව සැබැව්, නමුත් එය ද්විතීයික තර්කයකි. මන්ද එය ප්‍රශ්ණ කල හැක්කේද ඔවුන්ගේම ශිෂ්ඨත්වය හරහාම පමණක්ම වන බැවින් ..
සිංගප්පූරුව, දකුණු කොරියාව වැනි රටවල් සංවර්ධන කරා ගමන් කලේ නව ගෝලීය ධනේශ්වර පර්‍යාය හරහාය. එහිදී තමා පෙර සිටි වැඩවසම් ව්‍යුහය පසු ආවර්තිතව තේරුම් ගෙන එකී අකෘති වලින්
පිටතට පැමිණ නූතන දියුණු ජාතීන් බවට පත්වීමට ඔවුන්ට හැකිවිය.ඒ වෙනුවට අපි දියුණුව සොයා තව තව අතීත ආකෘති තුලම ගිළුනි. ඔවුන් හා අප අතර ඇති වූ වෙනස එයයි.
තවත් පැත්තකින් රැසියාව දෙසින් හැමූ ස්ටාලින්වාදී වාම රැල්ලද මේ නූතන ආර්ථික අර්බූදයට ඝෘජුවම බලපා ඇත. වමේ පෙරදිග ලෝකයේ විමුක්ති න්‍යාය නිසා රටේ ඇතිවූ වල් බූරූ බටහිර විරෝධය හේතුවෙන් බටහිර සියල්ල ඇලජික් වීම නිසා සංවර්ධනයේ විකල්ප හිඩැස පිරුනේ අපේ පරණ ගෝත්‍ර වාදයකිනි. අවසානයේ වාමාංශිකයන්ට බන්ඩාරනායකගේ ජාතිවාදය සමඟ එක ගෙයි දීගකන තැනටම වැටුනේ බටහිර විරෝධය වම්මුන්ට ඉස්මෝලේ ගිය බැවිනි. එසේම රුසියන් විප්ලවය විසින් පතුරුවා හැරි ව්‍යාජ වාම දෘෂඨිවාදයන්ද ලංකාව වැනි රටවල් ආර්ථික විනාශයක් කරා තල්ලුවීයාමට හේතු විය.
පිටතින් තාක්ෂණය සහ ප්‍රාග්ධනය රැගෙන රට තුලට පැමිනෙන ව්‍යවසායකයන් අදිරාජ්‍යයවාදී බූවල්ලන් ලෙස අර්තගන්වාගත් ප්‍රාග්ධන විරෝධී දෘෂඨිවාදයක් රට තුල පතුරවව්වේ මේ වාම දෘෂඨිවාදය විසිනි. එසේම ඊනියා සමාජවාදී රාජ්‍යයක ආකෘතියකට අනුව යමින් රටේ දුර්වල ආර්ථිකයට ඔරොත්තු නොදෙන මහා රාජ්‍ය අංශයක් නඩත්තු කරන ඊනියා ආර්ථික සැලසුම් වලට පිටු බලය ලැබුනේද මේ වාම දෘෂඨිවාද වලිනි.
අවසානයේ සෝවියට් රුසියාවේ ඇතිවූ නිලධාරීවාදය බඳු රාජ්‍ය ආර්ථිකය ඇතුලතින් කා දමන වෘතීය සමිති නිලධාරීවාදයක් ලංකාව තුලද ඇතිවිනි. රටට හෙණ ගැහුවත් රාජ්‍ය ආයතන වල වෘත්තීය වරප්‍රසාද සෙලවීමට වත් ඉඩ නොදෙන, දේශපාලක පිල්ලි වලට වඩා බලවත් වෘතීය සමිති පිල්ලි රාජ්‍යය තුල ඇතිවීමට මේ ඊනියා සෝවියට් වාම වාදය හේතුවිය …
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN