“රටේ අනාගතය භාරගන්න ඉන්න දරුවන්ගේ අධ්‍යාපනයත් එක්කයි මේ ආණ්ඩුව සෙල්ලම් කරන්නේ” – ජෝෂප් ස්ටාලින්

Date:

දිගින් දිගටම දරුවන්ගේ අධ්‍යාපනය සමග සෙල්ලම් කරන ආණ්ඩුවට ළඟදීම දිට්ඨධම්මවේදනීය කර්මය පටිසන් දෙනු නිසැක බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි. දිගින් දිගටම විදුලිය කපමින් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින අහිංසක දරුවන්ට, ආණ්ඩුව කරන මානසික හිරිහැරයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතන බවද කියා සිටී.

මෙය තනිකරම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත් කී ඒ මහතා තවදුරටත් මෙසේ කිවේය.

“රටේ අනාගතය භාරගන්න ඉන්න දරුවන්ගේ අධ්‍යාපනයත් එක්කයි මේ ආණ්ඩුව සෙල්ලම් කරන්නේ. උසස් පෙළ විභාගය ලියන දරුවන් අසරණ කරලා ඔවුන් මානසිකව වට්ටමින් දිගටම විදුලිය කපනවා. මේ ක්‍රියාව මොන තරම් සාහසිකද? මේක තනිකරම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. දරුවන්ගේ උසස් පෙළ විභාගය වෙනුවෙන් විදුලිය කපන්නේ නැතුව ඉන්න රුපියල් මිලියන 5 ක් වැය කරන්න බැරි ආණ්ඩුවක් මොකටද? විදුලිබල ඇමැති කංචන කාවද මේ රවට්ටන්නේ. ගිය වසරේ තියන්න ඕන උසස් පෙළ විභාගය දැන් තියන්නේ. කාගේ වරදින්ද මේක වුණේ. මේකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන ආණ්ඩුව “

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජ.වි.පෙ.ට මොකද වුණේ ….?

මම තවදුරටත් ජ.වි.පෙ. මතවාද කරගහගෙන යන්නෙක් නොවුනත් වීරවංශව පක්ෂයෙන්...

මොඩියුල සිද්ධියෙන් දරුවන්ට කිසිදු හානියක් වුණේ නෑ. හරිනි වෙනුවෙන් රටේම කාන්තාවන් පාරට බස්සනවා – සමන්මලී

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරනයේදී හඳුන්වාදුන් මොඩියුල පොතක දරුවන්ට...

වැසි තත්වයේ වෙනසක් – අද (13) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

නීතීඥ ජගත් ලියනාරච්චි තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ...