තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Date:

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වේ. මේ වනවිට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන සිටින බැවින් අද තරගයේ තීරණය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් වේ.

සිම්බාබ්වේ කණ්ඩායම මීට පෙර මෙරටදී සහභාගි වූ තරගාවලියේ ජයග්‍රහණයද අත්පත් කරගත් අතර අද තරගය ජය ගතහොත් ඔවුන් මෙරටදී පිට පිට ලබන දෙවැනි තරාගලි ජයග්‍රහණ වනු ඇත.

මෙම තරගාවලිය ලෝක කුසලාන සුපර් ලීගයට අදාලව පැවැත්වෙන බැවින් ශ්‍රී ලංකාවටද අද තරගයේ ජයග්‍රහණය අතිශය තීරණාත්මක වේ. මේ වනවිට ශ්‍රී ලංකාව සුපර් ලීගය තුළ තරග 17 කදී ජයග්‍රහණ 06 ක් පමණක් ලබාගෙන සිටින අතර ඔවුන්ට අද තරගයද සමග තවත් ඉතිරිව තිබෙන්නේ තරග 07 ක් පමණි. 2023 ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබීමට නම් ඉතිරි තරග 07 න් 04 ක වත් ජයග්‍රහණ වාර්තා කිරීම අත්‍යවශ්‍ය වී තිබෙනවා.

අද තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම නුවන් ප්‍රදීප් වෙනුවට රමේෂ් මෙන්ඩිස් සමග අද තරගයට එක්වන අතර සිම්බාබ්වේ කණ්ඩායම මිල්ටන් සුම්බා කණ්ඩායමට කැඳවා තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Fun Friday: ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ ඊළඟ පරිච්ඡේදය ගැන ඉඟියක්!

සෑම සිකුරාදා දිනකම “Fun Friday” තුළින් ඔබට Entertainment සතියක...

මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පචවෙන එක විතරයි – නීතිඥ මනෝජ් ගමගේ

කොළඹ LNW: මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුව...

බෝගොල්ලාගමට එරෙහි නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම වෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අල්ලස් කොමිසම විසින් හිටපු...

බැඩ්මින්ටන් වලට උර දෙන මැක්ලරන්ස් ආයෙත් ජාත්‍යන්තර තරගාවලියක බරට උර දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 01, කොළඹ LNW: වසර කිහිපයක සිට ශ්‍රී ලංකා...