රාජපක්ෂලාට කඩේ යන වීඅයිපී සමාජවාදීන්ට වඩා රටට අවශ්‍ය මානවවාදී නායකයෙක් – සජිත් (VIDEO)

Date:

අප රටට දැන් අවශ්‍ය වී ඇත්තේ මනුෂ්‍යත්වය, මානව හිතවාදීත්වය රජයන යුගයක් බවත්, මිනිස්සුන්ට ආදරය කරන්න, ජන දුක හඳුනන, එම දුක ඉදිරියේ සංවේදී වන, මිනිසුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන නායකත්වයක් බවත් එම නායකත්වය ලබා දෙන්න සමගි ජන බලවේගයට හැකියාවක් ඇති බවත් එහෙත් බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳින, තමන්ගේ දරුවන් විදෙස් රටවල ඉගෙන ගන්නා වීඅයිපී සමාජවාදීන්ට එම ජන දුක නොතේරෙන බවත් ඔවුන් විවිධ අවස්ථාවල දී සුනාමි හොරු ජනාධිපතිවරු කරන්න උපකාර කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා (27) පදියතලාවේ දී පැවසීය.

උනුත් එකයි මුනුත් එකයි කියන මේ වීඅයිපී සමාජවාදීන් 2005 වසරේ දී මහින්දගේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිධුර, නියෝජ්‍ය ඇමතිධුර රැසක් දැරූ බවත් ඒ ඔවුන් සුනාමි හොරා යැයි හංවඩු ගැසී සිටි මහින්ද රාජපක්ෂව බලයට ගේන්න උපකාර කළ නිසා බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රට මේ තත්ත්වයට විනාශ කළ රාජපක්ෂලාව බලයට ගෙන ඒමට වීඅයිපී සමාජවාදීන් කටයුතු කළත් තමන් ඇතුළු සමගි ජන බලවේගය කිසිදු අවස්ථාවක රාජපක්ෂලාව බලයට ගේන්න හෝ බලය තහවුරු කරන්න කිසිදු අවස්ථාවක කටයුතු නොකළ බව යි.

හොරු අල්ලනවා යැයි පාරම්බාන වීඅයිපී සහෝදරවරු ජනතාව ඉදිරියේ මීඩියා ෂෝ පෙන්වා හොරු අල්ලනවා යැයි කයිවාරු ගැසුවත් හොරු අල්ලන ක්‍රමයක් ජනතාවට නොකියන බවත් නමුත් සමගි ජන බලවේගයේ ප්‍රබල සාමාජිකයෙක් මෙන් ම යුද්ධය දිනවපු වීරයා වන සරත් ෆොන්සේකා මහතාට සමගි ජන බලවේග රජයක් යටතේ හොරු ඇල්ලීමේ වගකීම ලබා දෙන බවත් ඔහු හරහා අප රටින් පැන්නූ සියලු ඩොලර් සහ මුදල් නැවත ලබා ගන්නා බවත් යුද්ධය අවසන් කළා සේ ඔහුට එම වගකීම අකුරට ඉටු කිරීමේ හැකියාවක් පවතින බවට තමා විශ්වාස කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේය.

එබැවින් ගෝලයේ ගමන් කරන්න ඕන නායකත්වය යන පාරේ බවත් නායකයා කොන්ත්‍රාත් කරන්නැත්නම්, අල්ලස්, දූෂණය ගන්නැත්නම් පළාත් පාලන මන්ත්‍රීවරුනුත් ඒ ආකාරයෙන්ම හැසිරිය යුතු බවත් එසේ ඉන්න බැරි අය එලවා දමන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...

ගෙවුණු දිනයේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු දිනය...

ප්‍රමාදය සම්පූර්ණයෙන්ම අවසන් : අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : කොළඹ වරායේ ආනයන...