ශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තානාපති සහ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අතර හමුවක්

Date:

ශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් අද (01) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්වී තිබේ.

ප්‍රංශ – ශ්‍රි ලංකා රාජතාන්ත්‍රික සබඳතා පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා වී ඇති අතර තවදුරටත් එම සම්බන්ධතා ශක්තිමත් කරගැනීම සඳහා සිය පූර්ණ සහය ලබා දෙන බව ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ මහතා ප්‍රකාශ කර ඇත.

එහිදී ශ්‍රී ලාංකිකයන් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස ප්‍රංශයේ දූපත් වලට ඇතුලුවීම වැලැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කර ඇති බව සඳහන්.

එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා පොලිස් නිළධාරීන් සඳහා පුහුණු වැඩමුළුවක් සංවිධානය කිරීමට සහයෝගය දැක්වීමට ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ මහතා මෙහිදී එකඟ වී ඇත.

~ රුවන් නෙළුගොල්ල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (18) පාර්ලිමේන්තුව කැඳවීමට හේතුව ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18)...

ගාසා තීරයේ අවතැන් වූ ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ගේ තත්ත්වය ශීත කුණාටු හේතුවෙන් තවත් නරක අතට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා...

ඩේවිඩ් පීරිස් වෙළද සේවා ක්‍රිකට් එක්ක නොදැවී 23 යි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: වෙළද සේවා ක්‍රිකට් තරගාවලියේ...

මහනුවරට සහ නුවරඑළියට නාය යාමේ රතු නිවේදන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ වෙනුවෙන්...