පසු මුදල් ගෙවීමේ එකඟතාව ඇතිව ගල්අඟුරු නැව් 12ක් …

Date:

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ඉන්දුනීසියානු සමාගමක් ගිවිසුම්ගත වී ඇත්තේ ගල්අඟුරු ලබාගෙන දින 200 කට පසු මුදල් ගෙවීමේ එකඟතාව ඇතිව ගල්අඟුරු නැව් 12ක් මිලදී ගැනීමටය.

ඉන්දුනීසියානු සමාගම විසින් , ටෙන්ඩර් කැඳවීමෙන් පසු ගල්අඟුරු මිලදී ගැනීම සඳහා පසුගිය දා ණයවර ලිපි නිකුත් කිරීමට ද කටයුතු කර ඇත.

එම සමාගමෙන් ගල්අඟුරු මෙට්‍රික් ටොන් හත්ලක්‍ෂ විසිදහසක් (720,000) ක් ලබාගැනීමට නියමිත බවත්, ගල්අඟුරු මෙට්‍රික් ටොන් එකක් ඇමරිකන් ඩොලර් 240කට මිලදී ගැනීමට නියමිත බවත්, ගිවිසුමට අනුව ගල්අඟුරු පළමු නැව පෙබරවාරි 16 වැනිදා වනවිට පැමිණීමටත් නියමිත‍ය.

මේ වනවිට බලාගාරයේ යන්ත්‍ර තුනම ක්‍රියාත්මක කර නිපදවන මෙගාවොට් 810ක් ජාතික පද්ධතියට එක්කර තිබේ. මේ වනවිට 2021 ටෙන්ඩරයට අනුව ගල්අඟුරු රැගත් 11 වැනි නැව ද නොරොච්චෝල බලාගාරයට පැමිණ තිබෙන අතර තවත් 08 ක් පමණ එම ටෙන්ඩරයට ලබාගැනීමට අදහස් කර ඇත.

ඉදිරියේදී ඇතිවන වාරකන් කාලය උදාවීමට පෙර බලාගාරය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ගල්අඟුරු නැව් 33 ක් පමණ අවශ්‍ය බවට ගණන් බලා ඇති අතර , 2023.02.01 සිට බලාගාරයේ යන්ත්‍ර තුනම දින 35 ක් පමණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ගල්අඟුරු සංචිත පවතින බව ද පැවසේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇන්ඩි පයික්‍රොෆ්ට් මොකද කළේ…

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ක්‍රීඩාව කියන්නෙ දේශපාලනයේ ගිණි නිවන සිසිල්...

රනිත්මා සියයෙන් මෙපිටට පනියි – දුමිදු මෙන්ම ඉසුරි සහ සිතුමි ද පෙරට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ලෝක බැඩිමින්ටන් සම්මේලනයේ 2025 සැප්තැම්බර් 16...

හෙල්ල අවසාන තරගයේ සිටින 2000 න් පසුව උපන් එකම ක්‍රීඩකයා රුමේෂ් – අවසාන තරගය අද පස්වරු 3.53 ට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජපානයේ ටෝකියෝ හී පැවත්වෙන මලල ක්‍රීඩා...

වැසි තත්වයේ වර්ධනයක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 18) දිනයේදී බස්නාහිර, සබරගමුව,...