වාහන ආනයනය නතර කිරීම වාහන එකලස් කිරීමේ කර්මාන්තය​ට නව ජවය​ක් – රමේෂ් පතිරණ

Date:

වාහන ආනයනය නතර කිරීම තුළින් මෙරට තුළ වාහන එකලස් කිරීමේ කර්මාන්තයක් නව ජවයකින් නිර්මාණය කිරීමට හැකි වූ බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි ..

කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසන්නේ වාහන ආනයනය නතර කිරීම හේතුවෙන් මෙරට තුළ වාහන එකලස් කිරීමේ කර්මාන්තයක් නව ජවයකින් නිර්මාණය කිරීමට කටයුතු යොදා ඇති බවත්, එම කර්මාන්තය ආරක්ෂා කිරීමට තමා උපරිමයෙන් කටයුතු කරන බවත්ය.

කර්මාන්ත අමාත්‍යාංශය විසින් හඳුන්වා දෙන ලද ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳව සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) අනුව නිෂ්පාදනය ආරම්භ කළ කොළඹ සිනමන් හෝටල් පරිශ්‍රයේ පැවැති සෙනාරෝ ( SENARO ) GN 125 නවතම යතුරුපැදිය වෙළෙඳපොළට හඳුන්වා දීමේ අවස්ථාවට එක් වෙමින් ඇමැතිවරයා ඒ බව පැවසීය.

මෙරට තුළ වාහන එකලස් කිරීමේ කර්මාන්තයක් නව ජවයකින් නිර්මාණය කිරීමට හේතු වූ ප්‍රධාන සාධක ලෙස එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය, ගෝලීය කොරෝනා අර්බුදය හා රුසියානු – යුක්රේන යුද්ධය නිසා ඇති වූ ගෝලීය තත්ත්වයන් මත මෙරට මතු වූ ආර්ථික අර්බුදය නිසා නිර්මාණය වූ විදේශ විනිමය හිඟකමෙන් වාහන ආනයනය නතර කිරීම වැනි හේතු සාධකයි.

එම කර්මාන්තය ප්‍රතිපත්තිමය වශයෙන් ආරක්ෂා කිරීමට අවශ්‍ය උපරිම කටයුතු සිදු කරන බව වැඩිදුරටත් සඳහන් කළ අමාත්‍යවරයා, දැනටමත් වාහන එකලස් කිරීමේ කර්මාන්තය ලංකාවේ වාහන නිෂ්පාදනය, කර්මාන්ත අමාත්‍යාංශය විසින් හඳුන්වා දෙන ලද වාහන එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳව සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) මඟින් බලාත්මක කොට ඇති බවද කීය.

රෝෂණ වඩුගේ මහතාගේ අධිපතීත්වයෙන් යුතු සෙනාරෝ මෝටර් කම්පැනි (Senaro Motor Company) පුද්ගලික සමාගම විසින් රුපියල් බිලියන 1.5ක ආයෝජනයකින් යුතුව යක්කල ප්‍රදේශයේ ඉදිකරන ලද නවතම එකලස් කිරීමේ කර්මාන්තශාලාව තුළින් මූලික අදියරේදී දේශීයව නිපදවන අමතර කොටස් මඟින් සියයට 35ක අගයදාම එකතු කිරීමක් සමඟින් මෙම Senaro GN 125 නිෂ්පාදනය කරයි. ඉතා ඉක්මනින්ම එම අගය එකතු කිරීම සියයට 50 දක්වා ඉහළ නංවා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාවයි. මෙම ව්‍යාපෘතිය හරහා ඍජු රැකියා 160කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කෙරේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය