අපි උත්තර දෙන්නේ මැතිවරණයකින් – අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

“යහපාලන ආණ්ඩුව තිබූ කාලයේ අප පක්ෂය පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කළා. මෙවරත් ප්‍රශ්න, ගැටලු පැන නැඟුණත් අප පක්ෂය ජයග්‍රහණය කරනවා. දැන් සමඟි ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ අය අපට දිගට හරහට මඩ ගහනවා. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ අනුරාධපුර රැස්වීමේදී මට මඩ ගහන එක පමණමයි කළේ. කිසිම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හරියට ඉදිරිපත් කළේ නෑ. මේ මඩ දේශපාලනයට අපට උත්තර දෙන්න වෙලාවක් නෑ. අපිත් උත්තරයක් දෙන්නේ මැතිවරණයකින්. අපෙන් වූ අඩුපාඩුව තමයි, පොහොර සහනාධාරය නොදීම. අපේ රජයට වෙන ප්‍රශ්නයක් තිබුණේ නෑ. වැඩියෙන්ම ඒ ප්‍රශ්නය තිබුණේ අනුරාධපුරයට. අනුරාධපුරයේ ජනතාව මෙය හොඳින් තේරුම් අරන් තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා අපේ රට බේරා ගත්, ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටි නායකයෙක්.

මේ ලෝක ආර්ථික අර්බුදය පොහොර හිඟයට බලපෑවා. අපි මේ මාස් කන්නයේදී ගොවි ජනතාවට සහනයක් දුන්නා. කෘෂිකර්ම ඇමැතිවරයා අපට කියලා තිබෙනවා, මේ මාස් කන්න වෙන කොට මඩ පොහොර ටික නොමිලේ ගොවි ජනතාවට දෙනවා කියලා. පොහොර හිඟයකින් තොරව දෙනවා. අපෙන් යම්කිසි වැරැද්දක් වුණා නම්, ඒ වැරැද්ද අපි හදාගෙන යනවා. එය ගොවි ජනතාව දන්නවා. ඒත් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරනවා, අවුරුදු 75ක් ගියත් රටට වෙච්ච දෙයක් නෑ කියලා. ඒ අය අවුරුදු 75 තුළ කළ දේ ඔවුන් දන්නවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව කාලයේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට කෘෂිකර්මයට අදාළ සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු දුන්නා. වැව් දස දහසේ වැඩසටහන අනුරාධපුරයෙත් පටන් ගත්තා. ඒත් අවසානයක් වුණේ නෑ.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...