ඡන්ද විමසීමට අදාළ කාර්යයන් සඳහා මුදල් ලබාදෙන්න – මැතිවරණ කොමිෂන් සභාව

Date:

මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යංශයට දැනුම් දී ඇත්තේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කාර්යයන් සඳහා රුපියල් මිලියන 770ක මුදලක් පෙබරවාරි මාසය තුළ ලබාදෙන ලෙසයි. මෙය මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට ලිඛිතව අදාළ ඉල්ලීම කර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා විසින් බව වාර්තා වේ.

මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මූලික වියදම් සඳහා පෙබරවාරි මාසය තුළ මිලියන 770ක මුදලක් අවශ්‍ය බවට ඇස්තමේන්තු කර ඇති අතර, අදාළ මුදල එකවර හෝ වාරික වශයෙන් ලබාදීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාව වෙත මීට පෙර මැතිවරණ වියදම් වෙනුවෙන් අමාත්‍යංශය විසින් නිකුත් කල මුදල රුපියල් මිලියන 37කට ආසන්නය. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය දක්වා කාලය තුළ රුපියල් බිලියන 04ක පමණ මුදලක් වැයවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...