රාජපක්ෂලා විනාශ කළ අපේ කෘෂිකර්මය එක්ව ගොඩනගමු – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

දඹුල්ලේ අතිමහත් බහුතරයක් කෘෂිකර්මාන්තය සිය ජීවනෝපාය කර ගත් පිරිසක් බවත් එදා අපේ රටේ ගොවිජනතාව වී ගොවිතැන, එළවළු ඇතුළු අනෙකුත් භෝග වගාකර සතුටින් ජීවත් වුවත් එම ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය විනාශ කළේ රාජපක්ෂ පවුල ප්‍රමුඛ පොහොට්ටුවේ හොරුන් ටික බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එබැවින් ගොවි තැන සිය ජීවනෝපාය කර ගත් ජනතාව නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට ගෙන විත් භූමියෙන් ලබා ගන්නා අස්වැන්න වැඩි කර ගැනීමට නව තාක්ෂණය උපක්‍රම හා යෙදවුම් යොදා ගෙන නවීන තාක්ෂණයෙන් ශක්තිමත් කර රටේ ආහාර නිෂ්පාදනය ඉහළ මට්ටමට ගෙන ඒමට සමගි ජන බලවේග රජය විසින් කටයුතු කරන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

එසේ ම රට පවතින තත්ත්වයෙන් ගොඩ ගැනීමට ආර්ථික විප්ලවයක් අවැසි බවත් එහි දී නිෂ්පාදන කර්මාන්තශාලා මෙන්ම අපනයන ප්‍රවර්ධන කර්මාන්තශාලා ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ගොවියා විසින් රටේ ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කරනවා පමණක් නොව ගුණාත්මක කෘෂිකාර්මික භෝග අපනයනය කරන තත්ත්වයට පත්විය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අද තිබෙන ක්‍රමවේදය තුළ නිෂ්පදනය අඩුවී, හානි වී ගොවියාට ලැබෙන මුදල් ප්‍රමාණය අඩුව වන නිසා මේ රටේ ගොවි ජනතාව ජීවත් වන බල ප්‍රදේශවල ඔවුන්ගේ නිෂ්පාදන ආරක්ෂා කරන ශීතාගාර පහසුකම් ඇති කිරීමට ද කටයුතු කරන බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පසුගියදා දඹුල්ලේදී පැවති ප්‍රචාරණ රැළියක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය