දර්ශන හඳුන්ගොඩ කටුනායකදී අත්අඩංගුවට !

ජනප්‍රිය යූටියුබ් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන දර්ශන හඳුන්ගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඔහු ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේදී මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පසුගිය අරගල සමයේදී අරගලකරුවන්ට අරලියගහ මන්දිරයට අනවසරයෙන් ඇතුළුවීම සඳහා දර්ශන හඳුන්ගොඩ විසින් අනුබල දී ඇති බවට වන සැකය මත විමර්ශනයක් සිදුකෙරුණු අතර මීටපෙර අවස්ථා කිහිපයකදී ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කර තිබිණි.

කෙසේවෙතත් මීට සති කිහිපයකට පෙර නැවත වරක් ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දුන් අවස්ථාවේදී ඔහු විදේශගතව සිටින බව වාර්තා වී ඇති අතර ඒ පිළිබඳව CID ය අධිකරණයට දැනුම් දී තිබේ.

ඔහුව ඊයේ (05) රාත්‍රියේ අත් අඩංගුවට ගෙන ඇත්තේ එහිදී ලැබුණු අධිකරණ නියෝගයක් අනුව බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...