එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා දිවයිනට පැමිණි අතර, ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතාගේ ආරාධනයකට අනුව දිවයිනට පැමිණි ඒ මහතා පෙබරවාරි මස 7 වනදා ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කිරීමටද සැලසුම් කර තිබේ.
බෑන් කී මූන් මහතා සිංගප්පූරුවේ සිට අද (06) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අතර විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා හිටපු මහලේකම්වරයා පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ ඇත.
රෂිකා හෙන්නායක