සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබෙන්නේ එළැඹෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් ඉදිරිපත් කර ඇති ඇස්තමේන්තුව 2018 වර්ෂයේ ඇස්තමේන්තුගත මුදලට වඩා හය ගුණයක් වැඩි බවයි.
වැඩිදුරටත් සන්ඩේ ටයිම්ස් වාර්තාවේ දැක්වෙන්නේ, ඇස්තමේන්තු කරන ලද විශාල වියදමට එරෙහිව මහා භාණ්ඩාගාරයට විරෝධතා ගොනු කිරීමට මැතිවරණ කොමිසම සූදානම් වන බව ය.
එම වාර්තාවේ සඳහන් ආකාරයට ශ්‍රී ලංකා පොලීසිය විසින් අසාමාන්‍ය මිල අධික ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට ද කරුණු දැක්වීමට මැතිවරණ කොමිසම සූදානම් වන බව පැවසේ.
රෂිකා හෙන්නායක