අපෙන් 15යි පොලීසියෙන් 60යි – වෘත්තීය සමිති නියෝජිතයින් හා පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්! (VIDEO)

ජෝශප් ස්ටාලින් මහතා ප්‍රමුඛ වෘත්තීය සමිති නියෝජිතයින් කණ්ඩායමක් සහ පොලීස් නිලධාරීන් අතර කොටුව රීගල් සිනමා හල අසල ඉතා උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

වැඩි කර තිබෙන බැංකු පොළී සහ බදු බරට එරෙහිව මුදල් අමාත්‍යාංශය වෙත සන්දේශයක් භාර දීමට පාගමනින් යෑමට සූදානම් වූ අවස්ථාවේදීයි එම උණුසුම් තත්ත්වය ඇති වූයේ.

එම අවස්ථාවට 60ක පමණ පිරිසක් සහභාගී වී සිටීම නිසා එය විරෝධතා පාගමනක් වන හෙයින් යෑමට අවසර දිය නොහැකි බවටයි පොලීසිය අවධාරණය කළේ.

ඒ අනුව පාගමනින් පාරේ යාමට තරම් හෝ ප්‍රජාතන්ත්‍රවදයක් රට තුළ නොමැතිද යන්න පවසමින් වෘත්තීය සමිති නියෝජිතයින් හා පොලීසිය අතර වාග් සංග්‍රාමයක් හට ගැනුණි.

කෙසේවෙතත් 10 දෙනෙකුට එම සංදේශය භාර දීමට අවස්ථාව දිය හැකි බවට අවසානයේ පොලීසිය ප්‍රකාශ කළ අතර ඒ අනුව සංදේශය භාර දීමට වෘත්තීය සමිති නියෝජිතයින් කටයුතු කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...