එදා 2016 – 2018 ඡන්ද කල්දාන්න දත කෑවෙ සජබෙයි ජේවීපී එකයි – සාගර

Date:

අද මැතිවරණය පවත්වන ලෙස ඉලස්සා සිටින සමඟි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ එදා 2016 – 2018 කාලවල පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දමන මෙන් ඉල්ලා සිටි බව ශ්‍රී පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පුත්තලමේදී පැවති අපේක්ෂක හමුවකදී පැවසීය.

“කවදාවත් ඡන්ද කල් දැම්මා කියලා රාජපක්ෂවරුන්ට චෝදනාවක් තිබුණේ නෑ. ඔබට මතකයි 2016 වර්ෂයේ පවත්වන්නට නියමිතව තිබූ චන්දය පැවැත්වූයේ 2018 දි. අධිකරණයට ගිහින් නියෝග ගන්නට සිද්ධවුණා අපිට ඡන්දය ලබාදෙන්න කියලා. ඒ වෙලාවෙ ඡන්දය කල් දාන්න එකතුවෙලා හිටියෙ ඔය අද ස.ජ.බෙ ඉන්න නායකයොයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයොයි ඔක්කොම එක පොදියට එකට එකතු වෙලා මේ ඡන්ද කල් දැමීමේ සටනෙ හිටියා.

ඒ විතරක් නෙවෙයි ඔබට මතක ඇති පළාත්සභා ඡන්දය ආයෙ කවදාවත් තියන්න බැරි විදියට ඡන්දෙ දුන්නෙ ඔය අද ස.ජ.බෙ. කෑගහ නායකයොයි, ජනතා විමුක්ති පෙරමුණේ නායකයොයි තමයි,” ලෙස සාගර කාරියවසම් මහතා මාධ්‍යට කියා සිටියේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...