පඹයෙක්ව වීරයෙක් කරලා අන්තිමට රටට වෙලා තියෙන දේ බලන්න – මරික්කාර්

පඹයෙක්ව වීරයෙක් කිරීමට යෑමෙන් අවසානයේ හොඳින් තුන් වේල කෑ මිනිසුන්ට අද එක වේලක් කෑමට සිදුවී ඇති තරමට රට අසරණ වී ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ම්. මරික්කාර් මහතා පවසයි.

මාධ්‍ය ඉදිරියේදී වර්තමාන රජය ගැන අදහස් දැක්වූ එස්. එම්. මරික්කාර් මහතා,

“පඹයෙක්ව වීරයෙක් කරලා අන්තිමට රටට වෙලා තියෙන දේ බලන්න. හොඳට තුන්වේල කාපු මිනිස්සු අද වේලයි කන්නෙ. ඒතරමට අසරණ වෙලා ඉන්නෙ. බාල බෙහෙත් බොන්න හුරුවෙලා තියෙනවා, සාධාරණව හම්බ කරන මුදලට මුං දාන අසාධාරණ බදු වලට හුරුවෙන්න වෙලා තියෙනවා, උන්ට හිතුණ හිතුණවෙලාවට වැඩි කරන විදුලි බිලයි, වතුර බිලයි ගෙවන්න හුරුවෙන්න වෙලා තියෙන්නෙ.

මේ තරමට ඔබතුමන්ලාගේ ජීවිත අසරණ කෙරුවෙ මේ රාජපක්ෂ කල්ලියෙ ඉන්න හොර නඩේ හින්දා..හැබැයි හොරු අල්ලන්න ආපු රනිල් වික්‍රමසිංහ හොරු එක්ක බුදියගත්තා. මේ හොර රැළ ආරක්ෂා කරන රනිල් රාජපක්ෂවත් අපි අලියගෙන් නෙවෙයි නැට්ටෙන් ආවත් මේපාර අනිවාර්යයෙන් පරද්දනවා, කොළඹින් හොඳ පාඩමක් උගන්නනවා,”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...

ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු...

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...