ඇමරිකානු තානාපතිනිය හා අමාත්‍ය ජීවන් තොණ්ඩමන් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ජුලී චන් මහත්මිය හා ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා අතර හමුවක් නුවරඑළියේදී දින දෙකකට ඉහත දී (07) පැවැත්විණි.

උඩරට කඳුකරයේ ද්‍රවිඩ ජනතාවගේ ආර්ථික සංවර්ධනයට ඇමරිකානු රජයේ  දායකත්වය ලබා ගැනීම අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස මෙහෙදී අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා ඇමරිකානු තානිපතිවරියගෙන් ඉල්ලා සිටින ලදි.

අර්බුධකාරී කාල පරිච්ඡේද කාලයන් තුළ ඇමරිකාව ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය පිළිබඳව  කඳුකරයේ ජනතාව වෙනුවෙන් සිය කෘතඥතාවය මෙහෙදී පළ කර සිටින බවත්, ඒ වෙනුවෙන් තම  ස්තුතිය ප්‍රකාශ කර සිටින බවද අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා මෙහෙදී පැවැසීය.

කඳුකරයේ ජනතාවගේ ආර්ථික සංවර්ධනය උදෙසා  රජය ගෙන යන සංවර්ධන වැඩසටහන් පිළිබඳවද මෙහෙදී සාකච්ඡා කෙරිණි.

ක්‍රිෂාන්තන්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...