ආණ්ඩුවේ බදු සංශෝධනය කන්දක් විලිලා මී පැටියෙක් වැදුවා වගේ වැඩක්! (VIDEO)

Date:

ආණ්ඩුව විසින් ගෙනවිත් තිබෙන බදු සංශෝධනය වෘත්තිකයින් ඉල්ලා සිටි පරිදි සිදුවූ වෙනසක් නොවන අතර කන්දක් විලිලා මී පැටියෙක් වැදුවා මෙන් වූ දෙයක් බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා අද (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

වෘත්තිකයින් ඉල්ලා සිටියේ සිය වාර්ෂික වැටුප මත අයකර තිබෙන බද්දට සාධාරණ සංශෝධනයක් කරන ලෙස යැයි සේනානායක මහතා කියා සිටියා.

රජය මේ මොහොතේ බදු සහනයක් ලෙස දී ඇත්තේ ඇතැම් සුළු පිරිසකට දී ඇති දීමනා වලට බවයි ඔහු සඳහන් කළේ.

”මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයාගේ,මුදල් අමාත්‍යාංශයේ,කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවිය යුතු තැනට යොමුවෙලා නැහැ.මෙය කණගාටුදායක තත්ත්වයක්. ඊයේ දවසේදී වෘත්තිකයෝ වර්ජන කරලා එළියට ඇවිත් ඉල්ලුවේ මේ සංශෝධන නෙවෙයි.හැම වෘත්තිකයෙකුටම නිල නිවාස, වාහන නැහැ. ලක්ෂෙකින් ජීවත්වෙන්න බැරි තත්ත්වයක් දැන් තියෙන්නේ. සහන ඉල්ලන්නේ ඒකයි.මේ වගේ වංගු දාලා මේ ප්‍රශ්නෙන් පැනල යන්න උත්සහ කරන්න එපා.
වෘත්තිකයෝ බදු ගෙවන්න බැහැ කියල නැහැ. පනත සංශෝධනය කරන්න කියල කියන්නේ.
වැරදි ප්‍රචාර යවනවා මේ බදු අයකළේ නැත්නම් රට කඩන් වැටෙනවා කියල. ඉල්ලීම්වලට කන් නොදී නින්දෙන් ඇහැරිලා වගේ තීරණ ගන්නවා.අපේ ඉල්ලීම් වලට කන්දෙන්නේ නැත්නම් දැවැන්ත වෘත්තීය ක්‍රියා මාර්ග වලට යනවා.රජය එක්තරා ප්‍රෝඩාවක් කරන්නේ.”

වෘත්තිකයින් ඉල්ලා සිටින පරිදි සාධාරණ බදු සංශෝධනයක් සිදුනොවන්නේ නම් මහා වැඩවර්ජන ඇතුළු දැවැන්ත වෘත්තීය ක්‍රියා මාර්ග වලට එළඹීමට තීරණය කර තිබෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අල්ලස් චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තවදුරටත් රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ්...

ජාතික ක්‍රීඩා චෙස් පිරිමි සූරතාවය වයඹට කාන්තා සූරතාවය බස්නාහිරට

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ගාල්ල නගර...

පෑලියගොඩ වෙඩිතැබීමක්. තුවාලකරුවෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද...

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන තීරණය ඉදිරියේදී – කථානායක

කොළඹ LNW:ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර...