අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන – ජනපති නියෝග කරයි

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන සැපයන්නැයි, මහා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇති අතර ඒ රාජ්‍ය ආදායම් යහපත් වන තෙක් රාජ්‍ය සේවය පවත්වාගෙන යාමේ අපේක්ෂාවෙනි.

ජනාධිපතිවරයා පවසන්නේ රජයේ කටයුතු සඳහා පෙර සිදු කළ පරිදි අරමුදල් නිකුත් කිරීම ජනතාවගේ අත්‍යාවශ්‍ය සේවා සැපයීමේ කාර්යයට මේ මොහොතේ අහිතකර ලෙස බලපාන බවයි .

වැටුප් ගෙවීම, ණය සේවා, විශ්‍රාම වැටුප් , රෝහල් වෛද්‍ය සැපයුම් , මාසික සමෘද්ධි සහනාධාර , වැඩිහිටි මූල්‍ය ආධාර , ආබාධ සහිත අඩු ආදායම්ලාභීන් සඳහා මූල්‍ය ආධාර , වකුගඩු රෝගීන්ට මූල්‍ය ආධාර සැපයීම , ආර්ථික දුෂ්කරතාවලින් පීඩාවට පත් වූවන්ට මූල්‍යාධාර ලබා දීම සඳහා අරමුදල් නිදහස් කිරීමට ජනපති උපදෙස් ලබා දී ඇති අතර, 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව දීමනා, මහපොළ ශිෂ්‍යාධාර, ත්‍රිපෝෂ වැඩසටහන, ගොවි විශ්‍රාම වැටුප, පාසල් දරුවන්ගේ පෝෂණ වැඩසටහන, රණවිරු සහ ආබාධිත රණවිරු දීමනා, රණවිරු මාපිය රැකවරණ දීමනාව, කල් දැමිය නොහැකි විදුලිය, ජලය, ඉන්ධන සහ අත්‍යවශ්‍ය විදුලි සංදේශ සේවා සඳහා ද ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිතයි.

රෝහල්, බන්ධනාගාර, ආරක්ෂක අංශ සඳහා ආහාර සැපයුම් , නඩත්තු සේවා , ගොඩනැගිලි කුලී, පිරිසිදු කිරීමේ සේවා, ආරක්ෂක සේවා සම්බන්ධයෙන් ඇති කර ගත් ගිවිසුම් අනුව ගෙවීම්, සේවක අර්ථ සාධක වැනි ව්‍යවස්ථාපිත ගෙවීම් සඳහා පොහොර සහනාධාරය සැපයීමට වෙන් කළ ප්‍රතිපාදනවල ද කිසිදු වෙනස්වීමක් සිදුවන්නේ නැත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොදු දේපල අවභාවිතය:රනිල්ගේ නඩුව කල් යයි!(PHOTOS)

කොළඹ (LNW): පොදු දේපල අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

කෘත්‍රිම බුද්ධිය සමඟ එක්කාසු වෙන්නට යන තාක්ෂණික දැවැන්තයා – Amazon

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): කෘත්‍රිම බුද්ධිය (AI) මගින්...

කාණ්ඩ තුනකින් අවසන් 16 අතරට පැමිණි යොවුන් බැඩිමින්ටන් තරු අතරින් කෙනත්ගෙන් හොඳ සටනක්

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 29,  කොළඹ LNW: බබහරේනයේ පැවත්වෙන ආසියානු යොවුන්...