*
Thursday, October 3, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/02

1. ජපානයේ දැවැන්ත සමාගමක් වන Mitsubishi සමාගම වසර 60කට පසු ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අවසන් කිරීමට සැරසෙයි – මෙම පියවර පෞද්ගලික අංශයට විශාල කම්පනයක් ඇති කරනු ඇත: Mitsubishi සමාගමෙහි විදේශීය කාර්යාල ස්ථාපිත කළ පළමු රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාව ද සිටියේය.

2. ඛනිජ තෙල්, වරාය, ජල සම්පාදන, බැංකු, විදුලිය, සෞඛ්‍ය සහ අධ්‍යාපන යනාදී වෘත්තීය සමිති ඒකාබද්ධව කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක්! – බදු සංශෝධන ඉවත් කරන ලෙස රජයට බලකරමින් උද්ඝෝෂණය පැවැත්වීය.

3. නවතම ගල් අඟුරු ටෙන්ඩරය ඉන්දුනීසියානු සැපයුම්කරු සමඟ ගැටලු ඇති කරවයි – එහි අඩංගු තීරණාත්මක කොන්දේසියක වෙනසක් සිදුවීමට අවශ්‍ය බව අදාළ සැපයුම්කරු පවසා ඇති අතර, මෙය ලංකා ගල් අඟුරු සමාගම විසින් පිළිගෙන නැති බව බලධාරී ආරංචිමාර්ග පවසයි – මෙම මතභේදය මාර්තු මාසයෙන් ඔබ්බට ගල් අඟුරු සැපයීම ප්‍රමාද කිරීමට තීරණාත්මක හේතුවක් විය හැක.

4. ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සයනයිඩ් ශරීරගත වීමෙන් සිදුවූවක් බව පොලිසිය අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියි – පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවෙන් ද ගෙල සිරකිරීමෙන් සිදුවී ඇති තුවාල මාරාන්තික නොවන බවට නිගමනය කර ඇතැයි ද පැවසේ.

5. පෙබරවාරි මස පලාත් සභා මැතිවරණ වියදම් සඳහා රුපියල් මිලියන 770ක් නිදහස් කරන ලෙස මැතිවරණ කොමිසම මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලාඇති බව පැවසේ – කෙසේ වෙතත්, ආදායම් තත්ත්වය යහපත් වන තුරු රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය රජයේ වියදම් පමණක් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට උපදෙස් දෙයි.

6. රජයට අපේක්ෂා කරන පරිදි ගෙවන බද්දෙන් රුපියල් බිලියන 100ක් එකතු කර ගැනීමට නොහැකි වනු ඇති බව සමගි ජන බලවේගයෙහි පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ආර්ථික ගුරු හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි – නව ගෙවුම් බදු සංශෝධන මගින් රාජ්‍ය ආදායමට රුපියල් බිලියන 100ක් වැඩිපුර එකතු වන්නේ කෙසේදැයි’ පැහැදිලි කරන ලෙස ජනපතිට අභියෝග කරයි.

7. රට බංකොලොත් වී ඇතැයි කැබිනට් මණ්ඩලය අවධාරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි – ආර්ථික ක්‍රියාකාරකම් අඩාලකිරීමෙන් රජයට අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකි බව ද පවසන ඔහු සෘජු විදේශ ආයෝජන ගෙන ඒම සඳහා හොඳ රාජ්‍ය තාන්ත්‍රිකභාවයක් අවශ්‍ය බව දඅවධාරණය කරයි: කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට 30% පොලී අනුපාත යටතේ ක්‍රියාත්මක විය නොහැකි බවට පැමිණිලි කරයි.

8. ශ්‍රී ලංකාවට සහනය ලබා දීම සඳහා බොහෝ දෙනෙකු බලා සිටි ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය සඳහා අනුමැතිය, එහි ද්විපාර්ශ්වික ණයහිමියන්ගේ ණය සහන පිළිබඳ සහතික මත රඳා පවතිනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි – ප්‍රමාණවත් සහතික ලබාගෙන ඉතිරි කොන්දේසි සපුරා ඇති වහාම EFF අනුමැතිය සඳහා IMF මණ්ඩලයට ඉදිරිපත් කළ හැකි බවට සහතික වෙයි: IMF සාකච්ඡා දැන් 49 වන සතියට පිවිස ඇති බව විශ්ලේෂකයෝ පවසති: මෙම කාල සීමාව තුළ IMF හෝ වෙනත් ද්විපාර්ශ්වික පාර්ශවයකින් අරමුදල් නොලැබුන අතර ආර්ථිකය ද දැඩි ලෙස හැකිලෙමින් පවතී.

9. ශ්‍රීලංකන් ගුවන් සමාගම 2023 අප්‍රේල් මාසයේදී චීනය සමඟ වාණිජ මෙහෙයුම් අලුත් කිරීමට සැරසෙයි – ෂැංහයි, බීජිං සහ ගුවැන්ෂු වෙත සතිපතා තුන්වතාවක් පියාසර කිරීමට සැලසුම් කර ඇත.

10. අභියාචනාධිකරණය පෙත්සමට සහය දක්වන තෙක් විනිසුරුවරුන්ගේ වැටුප් මත ගෙවීමේ බද්ද පැනවීම වැළැක්වීමේ අතුරු නියෝගය දීර්ඝ කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan