රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඡන්දය වැළැක්වීමට හිතාමතා කටයුතු කරමින් ඉන්නවා – අනුර (VIDEO)

Date:

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැළැක්වීම සඳහා යම් රාජ්‍ය නිලධාරීන් පිරිසක් හිතාමතා කටයුතු කරමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරයි.

“ඊයෙ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් මැතිවරණ කොමිසම ගැන වගවිභාග කරන්න තේරීම් කාරක සභාවක් දාන්න කියලා යෝජනාවක් ගෙනල්ලා. ඒ කියන්නෙ මොකක්ද ? නිලධාරීන් බය කරන්න.

මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට එහෙට මෙහෙට යන්න තෙල් ඕනෙ වාහනවලට. දැන් මොකද කරන්නෙ ? QR කෝඩ් එකෙන් දෙන්නෙ ලීටර් 20 යි. භාණ්ඩාගාරෙන් සල්ලි ඉල්ලනවා. භාණ්ඩාගාර ලේකම්තුමා සල්ලි දෙන එක වළක්වනවා. හිතාමතා යම් රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක් ඡන්දය පැවැත්වීම වැළැක්වීම සඳහා කටයුතු කරමින් සිටිනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ පැහැදිලිව සටහන් කරලා තිබෙනවා ඡන්දය පැවැත්වීම සඳහා හිතාමතා යම්කිසි කෙනෙක් අවහිර කරනවා නම් අධිකරණය හරහා නඩුවක් ගොනු කළොත් ඔහුට අවුරුදු තුනක සිර දඬුවමක්. කවුරු නඩු දැම්මේ නැතත් ජාතික ජන බලවේගයේ අපි නඩු දානවා”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (09) දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...