*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

බ්‍රිතාන්‍යය මලල ක්‍රීඩාව සංක්‍රාන්තික අවස්ථාවන් සමඟ ගැටේ

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අවසරය ඇතුව සමානාත්මතාවය සහ මානව හිමිකම් කොමිෂන් සභාව (EHRC) එකඟතා ක්‍රියාත්මක කිරීමට ලොව පුරා විවිධ වූ ක්‍රීඩා සංගම් සූදානම්ව සිටින මොහොතක බ්‍රිතාන්‍ය මලල ක්‍රීඩා පරිපාලනය ඊට වඩා වෙනස් අදහසක් පළ කර ඇත.සංක්‍රාන්තික කාන්තාවන් සඳහා අවස්ථාව හිමි වීමේදී එයින් කාර්ය සාධන වාසියේ අඩුවක් වන බවට පිළිගත හැකි සාක්ෂි නොමැති බව බ්‍රිතාන්‍ය මලල ක්‍රීඩා සංගගම් සභාපති ඉයන් බෙටී පෙන්වා දෙයි.

සමානාත්මතාවය සහ මානව හිමිකම් කොමිෂන් සභාව (EHRC) මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ස්ථාවරය ගැන පළ කරන්නේ කණස්සලු සහගත අදහසක්ය.එය බ්‍රිතාන්‍යය විසින් නොකියා සිටිය යුතු බව ඔවුන්ගේ අදහසය.නමුත් ගෙටී ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයට ද බ්‍රිතාන්‍ය මලල ක්‍රීඩාවේ ස්ථාවරය ලෙස සිය අදහස් දක්වා ඇත.

මෙහිදී ගෙටීට ඇති ප්‍රශ්නය වන්නේ ටෙස්ටොස්ටෙරෝන් මර්දනය කිරීම මගින් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ඔවුන්ගේ හෝමෝන මට්ටම පිරිමි කාර්ය සාධන මට්ටමෙන් පහතට එනු ඇතැයි විශ්වාස කළ හැකි සාධක නැතිකමයි.ගෙටී එසේ කීව ද වසර තිහකට ආසන්න කාලයක මේ කාරණා ගැන සාකච්ඡාවට සහ පර්යේෂණයන්ට භාජනය වී ඇති අතර ක්‍රීඩාවේ සංක්‍රාන්ති කාන්තා අවසරය සඳහා දොර හැරෙන්නේ එතැන් සිටය.
සමානාත්මතාවය සහ මානව හිමිකම් කොමිෂන් සභාව (EHRC) පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් 2010 සමානත්මතා පනතෙන් කරුණු අවධාරණය කර පිළිගෙන ඇති තත්ත්වයක බ්‍රිතාන්‍ය මලල ක්‍රීඩා ප්‍රධානියා ඒ එකඟතාවන් උල්ලංඝණය කිරීමෙන් කටයුතු කිරීම ගැන කළකිරීමෙන් පසුවන බවය.නමුත් බ්‍රිතාන්‍ය රජයක් හැටියට දියණු දේශාපාලන ස්ථාවරයක ජාත්‍යන්තර එකඟතා සමඟ කටයුතු කරන්නටත්,මානව හිමිකම් ආරක්සා කිරීමටත් බැදි ඇති තත්ත්වයක ගෙටී ගේ යෝජනාවට එකඟ බවට ඉඟියක් හෝ පළ කර නැත.ඒ අනුව වඩාත් විශ්වාස කළ හැක්කේ බ්‍රිතාන්‍ය රජය මලල ක්‍රීඩා ප්‍රධානියාගේ අදහස් පිළි නොගනු ඇති බවය.

ක්‍රීඩාවේ ආචාර ධර්ම සඳහා කැනේඩියානු මධ්‍යස්ථානය විසින් වසර දහයක දත්ත සමාලෝචනයක් සිදු කිරීමෙන් අනතුරුව 2022 දී, “සමාජ සාධක, පුහුණුව සහ උපකරණ සඳහා ප්‍රවේශ වීමෙන් කාර්ය සාධන වාසි ටෙස්ටොස්ටෙරෝන් මට්ටමට වඩා බෙහෙවින් ලබාගත හැකි බව පෙන්වා දීමක් ආසන්න වශයෙන් දක්නට තිබියදීත් ඉයන් ගෙටී මෙවැනි ස්ථාවරයක් දැරීම සමහර විට ඔහුගේ කල් ඉකුත් වූ හැඟීමක් වන්නට ද පුළුවන්ය.ඒ ආකාරයට සිතන්නට තවත් මාර්ගයක් පෑදෙන්නේ ඔහු සංක්‍රාන්තිකයන් වෙනම කුලකයක රඳවා අවස්ථා දීමට දරණ උත්සාහය නිසා ය.

ප්‍රථම වරට ජාතික වශයෙන් සංක්‍රාන්ති යනුවෙන් බෙදීමක් සහිතව බ්‍රිතාන්‍යය ඉකුත් වසරේ දී තුන් ප්‍රයාම තරගයක් පවත්වන්නේය.එය යම් ආකාරයක ධනාත්මක සැළකීමක් සේ දැකිය හැකි වුවත් ආත්මීය වශයෙන් කාන්තාවක් වීමට ඇති උවමනාව සහ ඊට අදාළ විද්‍යාත්මක සාධක පූර්ණ කිරීමට මෙහායින් එය සැකයට භාජනය කරන වෙනස් ඉරක් ඇදීමට ගෙටී දරණ උත්සාහය තුළ ඇත්තේ සංක්‍රාන්තිකයන් සම්බන්ධ විරෝධයක් ද යන්න සිතා බැලිය යුතුව ඇත.

ඉයන් ගෙටී මේ කරන බාධා කිරීම නිසාම ටෙස්ටොස්ටෙරෝන් පරික්ෂාවට යටත්ව දුවන ක්‍රීඩිකාවන්ට ද යම් ප්‍රශ්නයකට මුහුණ දෙන්නට විය හැකිය.එහිදී ද ඔවුන්ගේ සිරුරේ ඇති සාමාන්‍ය කාන්තාවකගේ තත්ත්වය ඉක්මවා ගිය ටෙස්ටොස්ටෙරෝන් පාලනය කිරීමක් සිඳු කරන අතර ඉයන් ගෙටි තව ටික කාලයකන් ඔවුන් ද සමහර විට සංක්‍රාන්තිකයන් සේ වෙනත් නාම කරණයකට ඇතුළත් කොට වෙනම තරග පවත්වන්න යෝජනා කිරීමට ද ඉඩ ඇත.
ඡායාරූපයේ සිටින කැනේඩියානු දුනු විදින්නිය, සංක්‍රාන්ති කාන්තාවක් වන ස්ටෙෆානි බැරට් ය.

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan