රට පුරා විරෝධතා පවත්වනවා – වසන්ත මුදලිගේ

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසන්නේ සමස්ත විශ්වවිද්‍යාල සිසුන් දැඩි අපහසුතාවයට පත් කරමින් ආණ්ඩුව සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය ම වළපල්ලට ඇද දමා ඇති බවත් මේ නිසා ඉදිරියේ දී සමස්ත විශ්වවිද්‍යාල සිසුන් ඒකරාශී කරගෙන සිසුන්ගේ ගැටලුවලට විසඳුම් ඉල්ලා දැවැන්ත විරෝධතා ව්‍යාපාර රට පුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවත්ය.

ඔහු පවසන්නේ විශ්වවිද්‍යාල සිසුන්ගේ ගැටලු ගැන ආණ්ඩුවට හා අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දුන්නත් ඔවුන් ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොමැති බවයි.

මෙහි දී තවදුරටත් කතා කළ වසන්ත මුදලිගේ,

“විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාර මාස ගාණකින් ගෙවලා නැහැ. මේ මහපොළ ශිෂ්‍යාධාරය වැඩිකරන්න කියලා වසර ගාණක ඉඳලයි කියන්නේ. නමුත් අවධානය නැහැ. විශ්වවිද්‍යාල සිසුන් රැසකට ම නේවාසික පහසුකම් නැහැ. අද කෑම මිල වැඩියි. බෝඩිං ගාස්තු වැඩියි. ඒ නිසා විශ්වවිද්‍යාල සිසුන්ට පහසුකම් සලසන්න රජය මැදිහත් වෙලා නැහැ.

අද විශ්වවිද්‍යාල සිසුන්ට ක්‍රීඩා පහසුකම් නැහැ. දේශන ශාලා පහසුකම් නැහැ. අධ්‍යාපන උපකරණ පහසුකම් නැහැ. ආණ්ඩුව විශ්වවිද්‍යාල පද්ධතිය ම වළපල්ලට යවලයි තියෙන්නේ. මේ නිසා අපි ඉදිරියේ දී දැවැන්ත විරෝධතා ක්‍රියාත්මක කරනවා. මේ ගැටලුවලට විසඳුම් ඉල්ලලා.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොත්මලේ වාන් දොරටු විවෘත කිරීමට පෙර මහවැලි අධිකාරියෙන් දැනුම් දීමක්!

කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කොත්මලේ...

චීන ආයෝජන සීමා පුළුල් කිරීමට ඇමරිකාව ගත් තීරණයට චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:විදෙස් ආයෝජන සඳහා වන සීමා කිරීම් පුළුල් කිරීමට...

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...