අත්හිටවූ නිවාස ණය හා ආධාර ලබා දීම යළි ඇරඹේ

Date:

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසන්නේ කොව්ඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ නිවාස ණය හා ආධාර ලබා දීම යළි ඇරැඹූ බවයි.

නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ දිවයින පුරා ණය හා ආධාර ඉදිරි වාරික ප්‍රතිලාභීන් වෙත ලබා දීම සඳහා නිවාස සතියක් ප්‍රකාශයට පත් කර ඇති අතර, පෙබරවාරි 15 සිට 22 වැනිදා දක්වා වන සතියක කාලයේ මෙම ණය හා ආධාර වැඩසටහන් වල ඉදිරි වාරික ප්‍රතිලාභීන් වෙත ලබා දී අවසන් කිරීමට වහා පියවර ගන්නා ලෙසයි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේ 2021 සහ 2022 වසරවල ආරම්භ කළ ව්‍යාපෘති අවසන් කරන තුරු නව ව්‍යාපෘති ආරම්භ නොකරන ලෙසයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...