විදුලි කප්පාදුව නවත්වන්නැයි ජනපතිගෙන් උපදෙස්

නව විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමෙන් පසුව විදුලි කප්පාදුව අත්හිටුවා අඛණ්ඩව විදුලි සැපයුමක් ලබාදීම තහවුරු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබේ.

එසේම, මෙම ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමේදී අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන ලබාදෙන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

එමෙන්ම ආගමික ස්ථාන හා රජයේ අධ්‍යාපන ආයතන සඳහා සූර්ය පැනල ලබාදීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...