තුර්කියේ හා සිරියාවේ භූමිකම්පාව හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 43,000 ඉක්මවයි

Date:

තුර්කියට හා සිරියාවට බලපෑ ඉතිහාසයේ මාරාන්තිකම ව්‍යසනකාරී භූමිකම්පාව හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 43,000 ඉක්මවා ඇති බව වාර්තා වේ.

භූමිකම්පාව සිදු වී දින 11 ගොස් ඇති අතර, තුර්කියේ මරණ සංඛ්‍යාව 39,672 ක් ලෙස තුර්කියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Suleyman Soyluවිසින් නිවෙදනය කර ඇති අතර සිරියාවේ මරණ සංඛ්‍යාව 3,688 දක්වා ඉහළ ගොස් තිබේ.

තව දුරටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර තුර්කි උප ජනාධිපති Fuat Oktay සිකුරාදා පැවසුවේ කලාපයේ ස්ථාන 200 කට වඩා අඩු ප්‍රමාණයක ගලවා ගැනීමේ ප්‍රයත්නයන් අඛණ්ඩව පවතින බවයි.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය, තුර්කියේ වාරි පද්ධති, මාර්ග, වෙළඳපල සහ ගබඩා ධාරිතාව ඇතුළු භූමිකම්පාවෙන් හානි වූ කෘෂිකාර්මික අංශයේ යටිතල පහසුකම් පිළිසකර කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන බවට පොරොන්දු වී ඇත.

මේ වන විට සිරියාවේද වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වන අතර එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හා ලෝක ආහාර වැඩසටහනෙහි ප්‍රකාශකයන් විසින් නිවේදනය කර තිබුණේ කූඩාරම්, මෙට්ට, බ්ලැන්කට්, ශීත ඇඳුම්, කොලරා පරීක්ෂණ කට්ටල, අත්‍යවශ්‍ය ඖෂධ සහ ආහාර ඇතුළු එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන හයකට අයත් භාණ්ඩ බාබ් අල්-හවා සහ බාබ් අල්-සලාම් යන මායිම් දොරටු හරහා සිරියාවට රැගෙන ගිය බවයි. ඒ අනුව පෙබරවාරි 9 වැනිදා සිට තුර්කියේ සිට වයඹ දිග සිරියාවට ආධාර රැගත් ට්‍රක් රථ 143ක් පමණ යවා ඇත.



සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...

සැඟව සිටින සම්පත් මනම්පේරි මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය...

නිවාස ආධාරය ගන්න නිර්දේශය දෙන්න 50,000ක් ඉල්ලලා. තවත් රජයේ නිලධාරියෙක් අල්ලස් දැලේ!

කොළඹ LNW: ගාල්ල, නිවාස සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිවාස (තාක්ෂණික)...

කලින්ම ජීවිතයට සමු දුන් හිටපු බොක්සිං ලෝක ශූර  Ricky Hatton!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු බොක්සිං ලෝක...