රුසියාවට සහ බෙලරුෂියාවට කොහොමවත් ඉඩ දෙන්න බැහැ – යුරෝපා සංගමයේ බහුතර කැමත්ත හිමිවෙයි

Date:

රටවල් හැටියට නොව කිසිදු ආකාරයකින් රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් නියෝජනයට ඉඩ නොදිය යුතු බව යුරෝපා සංගමයේ බහුතර කැමත්ත ඇතිව තීරණය විය.සාමාජිකයින් 444 ක් එම තීරණයට එකඟ වී ඇති අතර විරුද්ධව ඇත්තේ 26 ක් පමණි.37 දෙනෙක් මතය ප්‍රකාශ කිරිමෙන් වැළකී සිට ඇත.

යුක්රේනු සංහාරයට එරෙහිව මේ තීරණය එළැඹෙන යුරෝපා සංගමය එම සංහාරය නිහඬව ඉවසන පිරිස්වලට කුමන අන්දමෙන් හෝ සහභාගි වීමට අවසර නොදිය යුතු බව මීට පෙරද ඇතැම් රටවල් හරහා යෝජනා වි ඇත.
යුක්රේනය මේ වන විට රුසියානු සහ බෙලරුෂියා සහභාගීත්වය වැළක්විය යුතු බව කියන අතර ඔවුන්ගේ ක්‍රීඩා අමාත්‍යවරයා මාධ්‍යයන්ට ප්‍රකාශ කර තිබෙන්නේ යුක්රේනය නැති,රුසියානු සහ බෙලරුෂියානු නියෝජනයක් ඇති රටවල් ප්‍රංශයේ දකින්නට හැකි වෙනු ඇති බවය.

ජපානයේ දී ද රුසියාව ක්‍රීඩා උළෙල නියෝජනය කළේ එරට ජාතික ඔලිම්පික් කමිටුව හරහා වන අතර යුක්රේන විදේශ අමාත්‍යවරයා වන ඩිම්ට්‍රෝ කුලේබා මෙහිදි පෙන්වා දුන්නේ ඒ නිහඬව උළෙල නියෝජනය කළ බොහෝ පිරිසක් යුක්රේනය විනාශ කරන රුසියානු හමුදා ඛණ්ඩවලට අනුයුක්තව සේවය කරන අය බවය.
ප්‍රංශය ද පැරිස් නගර නගරාධිපතිණිය රුසියානුවන් සහ බෙලරුෂියානුවන් සිය නගරය බලාපොරොත්තු නොවන බව පවසා වැඩි දවසක් නැත.විශේෂයෙන් පෝලන්ත ජනාධිපතිවරයා වන ඇන්ඩ්‍රිෂෙජ් ඩුඩා “යුක්රේනයට එරෙහි රුසියානු ආක්‍රමණය,ව්ලැඩිමීර් පුටින් විසින් ක්‍රියාත්මක කරද්දි, ප්‍රතිපත්තියක් ඇතිව කටයුකු කරන කිසිවෙකු සාමයේ සහ මිත්‍රත්වයේ ශ්‍රේෂ්ඨතම අවස්ථාව වන ලෝකයේ මහා ක්‍රීඩා උළෙලට වැද්දා නොගත යුතු යැයි පවසන්නේය.

ලෝක ආධිපත්‍යය සම්බන්ධයෙන් උමතු බල තන්හාවකින් පසුවන රුසියානු ජනාධිපති පුටින් මේ වන විට දක්වන ලෝකයට එරෙහි දැඩි ප්‍රතිපත්ති හේතුවෙන් බොහෝ විට ඉදිරියේදි දකුණු අප්‍රිකාවට විඳින්නට සිඳු වූ සම්බාධකවලින බැට කන්නටත්,හිටිලර් ජර්මණියට කළ අයුරෙන් ලෝකයම ප්‍රතික්ෂේප කරන රටක් බවට රුසියාව පත් කර හුදෙකලා කිරීමටත් ඉඩ ඇත.එහි දී ඒ කිසිවකට සිහිනයෙන් හෝ සම්බන්ධ නැති මිනිසුන් සිය දහස් ගණනකට ජීවිතය අහිමි වීමේ අවධානමක් ඇති අතර මේ වන විට බොහෝ රටවල් රුසියාවෙන් ඉවත් වෙමින් සිටින තත්ත්වය ද යුරොපීය සංගමය පෙන්වා දෙයි.

ලෝකයේ රටවල් බොහොමයක් සරණාගත ලේබලය යටතේ හෝ රුසියානුවන් හෝ බෙලරුෂියානුවන් යටතේ හෝ ක්‍රීඩා උළෙලට ඉදිරිපත් නොවිය යුතුය යන මතය දරන අතර නමුත් ඔලිම්පික් කමිටුවේ ප්‍රධානි තේමස් බැච් තවමත් උත්සාහ කරන්නේ ක්‍රීඩාවේ දකෂයන්ට මාර්ගයක් විවෘත කර දෙන්නටය.ඔහු යුක්රේන ක්‍රීඩා අමාත්‍යවරයා තරගාවලිය වර්ජනය කරන බවට යැවූ ලිපියට ද පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ ඔලිම්පික් වර්ජනය යනු ඔලිම්පික් ප්‍රඥප්තිය උල්ලංඝණය කිරීමක් බවය.

නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...