මෙරට ආපනශාලා 18% ක් අසතුටුදායක තත්ත්වයක

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසන්නේ මෙරට ආපනශාලා අතරින් අසතුටුදායක තත්ත්වයක ඇත්තේ 18% ක පමණ ප්‍රමාණයක් බවයි. එහි සභාපති සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ අසතුටුදායක තත්ත්වයේ ඇති ආපනශාලා සහ හෝටල් 18% සංවර්ධනය කිරීම සඳහා කටයුතු කරන බවයි.

“ලංකාවේ දැනට තියෙන හෝටල් සහ ආපනශාලාවලින් 18% ක් අසතුටුදාක තත්ත්වයේ තියෙන්නේ. විශේෂයෙන් මනුෂ්‍ය පරිභෝජනයට නොසුදුසු තත්ත්වයේ ආහාර නිෂ්පාදනය කරමින් තියෙන්නේ. ඒ වගේම 27%ක් සාමාන්‍ය තත්ත්වයේත්, 55%ක් ඉතා හොඳ තත්ත්වයේත් තියෙනවා. ලංකාවේ හෝටල් සහ ආපනශාලා 2022 මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආහාර පරිභෝජන කරන වර්ගී කරන ආයතන ආකෘති පත්‍රයේ අනුව කරන සමීක්ෂණ දත්තවලට අනුව තමයි මේ දත්ත ප්‍රකාශ කරන්නේ. විශේෂයෙන් ඒ දත්තවලට අනුව A කාණ්ඩයේ පරිහරණ හෝලටල් සහ ආපනශාලා 55%කුත්, B කාණ්ඩයේ පරිහරණ හෝලටල් සහ ආපනශාලා 27%කුත්, C කාණ්ඩයේ අසතුටුදායක තත්ත්වයේ ඒවා 18%කුත් තමයි තියෙන්නේ. මේ මනුෂ්‍ය පරිභෝජනයට නොසුදුසු තත්ත්වයේ ආහාර නිෂ්පාදනය කරන 18% වුණ හෝටල් සහ ආපනශාලා සංවර්ධනය කිරීම සඳහා සහ ඔවුන් B කාණ්ඩයටවත් අවම වශයෙන් ගෙන ඒම සඳහා අවම වශයෙන් ගෙනඒම සඳහා අවශ්‍ය නිවේදන නිකුත්කිරීම නියාමනය කිරීම. ඒ වගේම අවශ්‍ය අවස්ථාවලදී නෛතිකමය ක්‍රියාමාර්ග ගැනීම වැනි කටයුතුවල නිරත වෙලා ඉන්නවා.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමියන්ගේ නඩු තීන්දුව ගැන සරත් එන්. සිල්වාගෙන් ප්‍රකාශයක්

කොළඹදී පැවති ආගමික හා සමාජීය සමුළුවක් අමතමින් හිටපු අගවිනිසුරු...

ඉරාන යුද්ධයෙන් එල්ල වූ බලශක්ති පීඩනය හමුවේ වියදම් කැපකිරීම හැර වෙනත් විකල්පයක් නෑ – IMF

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, කොළඹ LNW : ඉරාන යුද්ධය හේතුවෙන්...

ඥානසාර හිමිගේ චීවරය ඉවත්කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීමට විනිසුරු මඩුල්ලක් නම් කෙරේ!

කොළඹ LNW:සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ...

‘අපි නැවත Grey List එකට ඇතුළත් නොවේ’: මහ බැංකු අධිපතිගෙන් දැඩි සහතිකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව මූල්‍ය...