වැටුණු රට ගොඩනැගිය හැක්කේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමනකින් පමණයි – විපක්ෂ නායක සජිත්

Date:

රට ගොඩනංවන්නට හැකියාව දක්ෂතාවය මෙන්ම කුසලතාවය ඇති කණ්ඩායමම සිටින්නේ සමගි ජන බලවේගය සමග යැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විවිධ සමාගම් සතුව වගා නොකරන දැවැන්ත ඉඩම් ප්‍රමාණයක් රට තුළ ඇති බවත්, ඒවා මුඩු ඉඩම් වී ඇති බවද විපක්ෂ නායකවරයා පැවසීය. කම්කරුවන් ලෙස කටයුතු කරන වතු ප්‍රජාවත්, රටේ ඉඩම් අහිමි යෞවන ප්‍රජාවත් ජාතිභේදයෙන් තොරව එකට ගොඩනැගීම සිය අරමුණ බව පැවසූ විපක්ෂ නායකවරයා ඉඩමක සහ කුඩා තේ වත්තක හිමිකරුවෙක් බවට ඔවුන් පත් කිරීම සිය අරමුණ බවද සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ වලපනේ දී පැවැති ජන හමුවක් අමතමිනි.

එහි දී විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ ආර්ථිකය කුඩා කර රටේ ප්‍රශ්න විසඳිය නොහැකි බවත් සමාජවාදයෙන්වත් ධනවාදයෙන්වත් මේ රට ගොඩනැගිය නොහැකි බවත් ඒ සඳහා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් යා යුතු බවත් ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය