*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 02/20

  1. මැතිවරණය පැවැත්වීමට බාධා පමුණුවන සියලු පාර්ශවයන් නීතිය හමුවට පෙනී සිටිය යුතු බවට ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි – සියලු මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ වැදගත් කොටසක් බවත්, ඊට බාධා නොපැමිණවිය යුතු බවත් පවසයි.
  2. ඇ.ඩො. මිලියන 175 ක බැඳුම්කරයේ 2022 දෙසැම්බර් 25 දිනට යෙදී තිබූ කූපන්පත් ගෙවීම පැහැර හැර ඇති මුත්, තම සමාගම සියලු බැඳුම්කර හිමියන් සමඟ මිත්‍ර එකඟතාවයකට එළඹීමට කැපවෙමින් සිටින බව ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසයි – අදාළ බැඳුම්කරය රජය විසින් සහතිකකරන ලද්දක් බැවින් ණයහිමියන්ට බිය වීමට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බව ද සහතික කරයි.
  3. මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටින ජර්මානු මන්ත්‍රී ආචාර්ය පීටර් රැම්සාර්, එක්සත් ජාතීන් හමුවේ රුසියාවට එරෙහිව ඉදිරිපත් කරනු ලබන යෝජනාවකට ශ්‍රී ලංකාවේ සහාය ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලමින් සිටියි – මෙම කරුණ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුවත් කළ බව ද ඔහු පවසයි.
  4. රටේ සියලු පෞද්ගලික දේපළ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් තුළ රජය සතු කරනු ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නිල වෙබ් අඩවියේ සඳහන්ව ඇති බවට විපක්ෂ නායක සහ සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.
  5. කංසා නීතිගත කිරීමට රජය දරන උත්සාහයට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ දුම්කොළ, මත්පැන් සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ කමිටුව අනතුරු අඟවයි – සැකසහිත ‘ආර්ථික’ ප්‍රතිලාභ උදෙසා කංසා සඳහා ඕනෑම ආකාරයක නීත්‍යානුකූලභාවයක් ලබා දීම සම්බන්ධයෙන් අතිශය සුපරික්ෂාකාරීව කටයුතු කරන මෙන් රජයෙන් ඉල්ලා සිටියි.
  6. රටේ සියලු වරායන්වල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන විශාල සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇ.ඩො. මිලියන 132 කට ආසන්න මුදලක් රජය විසින් වෙන්කරනු ඇති බවට වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි – මෙම ආයෝජන සිදුකරනු ලබන්නේ වරාය ක්‍රියාන්විතයන් හරහා උත්පාදනය වන ආදායමින් බව ද පවසයි.
  7. ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනය කරන ලද නැව්ගත කිරීම 13 ක මුදල් ගෙවීම් සිදුකර ඇති බව ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ පවසයි – මෙම වර්ෂය තුළ නැව්ගත කිරීම 36 ක් ගෙන්වීමට සැලසුම් යොදා ඇති බව ද පවසයි – අඛණ්ඩ විදුලිය සැපයුමක් ලබා දීම සඳහා ලංකා ගල් අඟුරු සමාගම සතුව අවශ්‍ය තරම් ගල් අඟුරු තොග තිබෙන බව ද සහතික කරයි.
  8. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ තම ව්‍යාපාර කර ගැනීමට ඇති අපහසුව හේතුවෙන් ජපාන තායිසේ සංස්ථාව ද සිය ව්‍යාපාර කටයුතු අවසාන කිරීමට තීරණය කරයි – 2020 මාර්තු හි දී, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ දෙවන අදියරේ කටයුතු සඳහා තායිසේ සංස්ථාව ජපාන යෙන් බිලියන 62 ක (ඇ.ඩො. මිලියන 462 ක) ව්‍යාපෘතියක් ලබා ගැනීමට සමත් විය – මීට ඉහත ජපාන මෝටර් රථ නිශ්පාදන සමාගමක් වන මිට්සුබිෂි සමාගම ද 2023 මාර්තු වන විට ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර නතර කර දමන බවට නිවේදනය කර තිබිණි.
  9. ආනයන තහනම දිගටම ක්‍රියාත්මක වන්නේ නම් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ජර්මානු සමාගම්වලට තම ව්‍යාපාර ඉවත්කර ගැනීමට සිදුවනු ඇති බවට එම සමාගම් විසින් දැනුම් දී ඇති බව ජර්මානු තානාපති හොල්ගර් සූබර්ට් (Holger Seubert) පවසයි.
  10. ශ්‍රී ලංකාවේ රග්බි ලීග් ශූරතා තරඟාවලියේ දී නුවර ක්‍රීඩා සමාජය (Kandy SC) ලකුණු 29-10 වශයෙන් ලංකා රග්බි සහ පාපන්දු සමාජය (CR & FC) පරාජය කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan