රජය දැරීමට අපේක්ෂිත වියදම රුපියල් බිලියන 196ක්

ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය ඇමැති, කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ මාර්තු මාසය සඳහා රජයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 173ක් වන අතර රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි සහනාධාර වෙනුවෙන් රජය දැරීමට අපේක්ෂිත වියදම රුපියල් බිලියන 196ක් බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කැබිනට් මණ්ඩලය දැනුම්වත් කළ බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (21) කියා සිටි අතර රජයට එදිනෙදා වියදම් සඳහා දැරීමට සිදු වන අත්‍යවශ්‍ය වියදම් සඳහා තවත් රුපියල් බිලියන 23ක්ද අවශ්‍ය බව පෙන්වා දුන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, ඊට අතිරේකව මාර්තු මාසයේදී දේශීය විදේශීය ණය සේවාකරණය සඳහා රුපියල් බිලියන 508ක් ඇස්තමේන්තු කර ඇති බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...