*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

හිස් ශබ්ද

ඊයෙ ක්‍රීඩා අමාත්‍යවරයා අමාත්‍ය පත්වීම ලැබ පළමුවරට තමන් යටතේ පවතින ආයතන දෙකක නිරීක්ෂණ චාරිකාවක නිරත විය.ඒ ආසන්නයේ සිටිමින් ඒ මොහොතේ එය දකින්නට ලැබීම ද භාග්‍ය්‍යකි. ඒ ජාතික ක්‍රීඩා විද්‍යායතනය සහ ක්‍රීඩා වෛද්‍ය ආයතනය ආදියවත් තවමත් නිරීක්ෂණයට හෝ සහභාගි වි නොමැති බව හෙළි කළේ LNW බැවිනි.එම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍යවරයා මෙන්ම අමාත්‍ය උපදේශකවරයා ද සහභාගි වි සිටිය අතර තැන් කිහිපයකදීම ඔවුන් එම නිරීක්ෂණ අතරේ පවසා ඇත්තේ යළිත් නුදුරේම මෙම ආයතනවල වටිනාකම කියන්නට ජනමාධ්‍යය ද එක් කර ගනිමින් නිරීක්ෂණ චාරිකාවට පැමිණිය යුතු බවය.එවැනි වටිනා ආයතන නිරීක්ෂණයට අමාත්‍ය පදවියට පිවිස වසරකට ආසන්න කාලයක් වන තුරුම නොපැමිණීම සම්බන්ධයෙන් මෑත දින ගණනාවක්ම අප විසින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විවේචනය කරේද රටේ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සංවර්ධනය කරන්නට අවශ්‍යය වටිනාකම් එම ආයතනවල තිබෙන නිසාය.බැලුවා කියා රටට පෙන්වීමට වඩා අමාත්‍යවරයා මේ සේවයේ දිග පළල දැන එම ආයතන රටේ ක්‍රීඩාවට තවත් පලදායි විදිහට සංවර්ධනය කරන්නේ කෙසේද යන්න අවබෝධයක් ලබා ගන්නේනම්,ක්‍රීඩාවේ ප්‍රතිපල හරහා මේ සියල්ල රටට දැනෙන්නට හැකිය.

තමන්ට අයත් ආයතනවල හතර කොන දැකීම පමා කළ ද,ක්‍රීඩා අමාත්‍යවරයා දිගින් දිගටම ක්‍රීඩා පණත ප්‍රකාරව තමන්ට අමාත්‍යවරයා ලෙස තේජස් ලීලාවෙන් ලංකාවේ ක්‍රීඩා සංගම්වල කටයුතුවලට හරස්වීමට හැකි දේශපාලන බලපෑම්වලට තිබුණු ඇඟිල්ලක් දමා ගැනීමේ ඉඩ,ඔළුවක් දැමීම දක්වා කෙමෙන් පළල් කර ගැනීමට උත්සාහ කළේය.ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වල හැඩයන්ට අනුව ඒ ඒ ක්‍රීඩාවන් සඳහා එක් කර තිබූ පරිපාටි සසැලී,ගියේ ලංකාවේ ක්‍රීඩාවට හානි කරමින්ය.ඒ ලෝකයක් සම්මත කරගෙන තිබෙන ක්‍රීඩාවේ නීතිමය හැඩය රටක හැඩේකට වෙනස් කර හැසිරෙන්නට ශ්‍රී ලංකාවට නොව රුසියාව,ඇමෙරිකාව වැනි රටවලට ද නොහැකිය.

එවැනි වටපිටාවක ලෝක ක්‍රීඩාවේ පෞරුෂය කොනිත්තන්නට යාමේ අවදානම අවශ්‍යය ජාත්‍යන්තර දැණුම සහ භාවිතය ගැන අවබෝධයකින් තොරව කරන්නට යාමේ ආදීනව ලැබෙමින් අමාත්‍යවරයා විසින් පනවන්නට යෙදුණ රෙගුලාසි සහිත ක්‍රීඩා පනත් සංශෝධනයන් සහිත ගැසට් පත්‍රයක් ඊයේ අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයකට ලක් කරන්නට යෙදිණ.එය ජූනි 22 දා විභාගයට ගැනීම දක්වාම ක්‍රියාත්මකය.එය විභාගයට ගැනීමට තරම් කරුණු තිබීම අතිශයින් වැදගත්ය.මේ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා ගනු ලබන තීරණ නීතිය ඉදිරියේ සැළකිල්ලට ගැනෙන,විභාගයට ගැනීමට සුදුසුයැයි හැඟෙන තීරණ වන්නේ ඇයි ද යන්න ක්‍රීඩා අමාත්‍යවරයා කල්පනාවට ගත යුතුය.එසේම ක්‍රිකට් ආයතනය සහ තවත් ක්‍රීඩා පරිපාලන ඒකක විසින් පනවන ලද නඩුවකට අනුව ලැබෙන මේ ආකාරයේම තීන්දු ක්‍රීඩා අමාත්‍යවයා ගත් වෙනත් තීන්දුවලට ද අධිකරණයෙන් ලැබ ඇති බව ද අමාත්‍යවරයා මෙන්ම එවැනි කාර්යයන්ට අමාත්‍යවරයාට රුකුල් දෙන පිරිස් ද දැනගත යුතුය.

පාපන්දු පරිපාලනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමඟ සාකච්ඡා කර එකඟතාවයට පැමිණි කරුණු අනුව නිලවරණය නොපවත්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා,ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීම මේ වන විට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ජාත්‍යන්තර තහනමකට ලක් වීමට හේතුව වී ඇත.මෙවැනි ආසන්න තත්ත්වයකට ඉන්දියාව මුහුණ දුන්නේය.ඔවුන් වහාම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට අවශ්‍යය ආකාරයට පරිසරය සකස් කරගෙන තහනම ඉවත් කර ගත්තේය.නමුත් ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයා එසේ සූදානම් නැති බවත්,ඔහු මේ වන විට පොළොන්නරුවේ පාසල් පාපන්දු සූරතා පවත්වමින් ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ හැකියාව පෙන්වමින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය “අනේ ස්ර්” කියමින් පසුපසින් එන තත්ත්වයට ලංකාවේ පාපන්දු පත් කරන්නට සූදානමින් සිටියි.එසේම තව දුරටත් අමාත්‍යවරයාගේ බලතල වල රශ්මිය විහිඳුවමින් ශ්‍රී ලංකා පාපන්දුව ගැන වෙනම කමිටුවක් පත් කර විමර්ශනයට සූදානම් වෙයි.
රටේ ක්‍රීඩාවක නොගැලපෙන දෙයක් වේනම් මම ඇමති මට ඕනි විදිහට දෙනවා බැටේ කියන සංකල්පය මේ වන විට අහෝසි වී ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයාට කියා දෙන්නට උපදේශකයෙක් නැත.තමන්ට අවශ්‍යය විදිහට නීතිය භාවිතා කළ හැකි බව සිතන ඇතැම් පොලිස් නිලධාරීන් මෙන් හැසිරෙන්නට ක්‍රීඩා අමාත්‍යවරයාට කවුරුන් හෝ උපදෙස් දෙනවාද නොදනියි.එසේම අමාත්‍යවරයා වටේ ක්‍රීඩාවන්ට සම්බන්ධව සිටින බොහෝ අය ද සිටින්නේ අමාත්‍යවරයා හරහා තමන්ගේ සිහින නෛතිකව හෝ අනීතිකව කර ගැනීමේ උවමනාවෙන් මිස අමාත්‍යවරයාව නිසි ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත පෞරුෂයක් කිරීමේ උවමනාව පෙරදැරිව නොවේය.

දැන් නඩු තීන්දුව හරහා අමාත්‍යවරයාට ගත් තීරණය තාවකාලිකව හෝ පසුපසට ගන්නට හේතුවක් තිබෙන බව දැනෙන්නට අවශ්‍යය වන්නේය.ඒ නිසා ක්‍රීඩාවේ මං පොරක් වෙන්නෙ ක්‍රීඩා මට ඕනි විදිහට නැටවීමෙන් නොව ඒවායේ ජාත්‍යන්තර නීති රීතිවලට අනුව ලංකාවේ කීඩාවේ පරිසරය සකස්කර නිදහස් කර ජාත්‍යන්තර අවධානය ශ්‍රී ලංකාව පැත්තට දිනා ගනිමින් ක්‍රීඩාව පොහොසත් කිරිමෙන් බව අමාත්‍යවරයා දත යුතුය.දිනෙක සමුගෙන ගිය පසු ක්‍රීඩාවට,ක්‍රීඩකයාට,පුහුණුකරුවාට ආදි ලෙස දී ඇති වටිනාකම් වෙනුවට රොෂාන් රණසිංහට ඉතුරුවන්නේ ලංකාවේ වැඩිම ක්‍රීඩා ගණනක් ජාත්‍යන්තර වශයෙන් තහනමට ලක්වන ආකාරයට කටයුතු කිරීම යන්න හෝ අවදානමට ලක් කිරීම යන පිළිගැනීමය.

දැන් ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා කමිටුවක් පත් කර ඇත.එයින් ෆර්විස් මහරූෆ් මේ වන විට ඉවත් වී ඇත.සාමාන්‍යයෙන් මෙවැනි තැනෙක වෙනස් කිරීම සඳහා මාර්ගෝපදේශ සකස් කළ යුත්තේ කවුද?පවතින ව්‍යවස්ථාව සමඟ වෙනස් විය යුතු ආකාරය ගැන මාර්ගෝපදේශනය අයිසීසී හරහා ලබා නොගෙන මේ සංශෝධන කළහොත් ක්‍රීඩා අමාත්‍යවරයාට රටට වැඩිම මුදලක් ලැබෙන ක්‍රිකට් තහනමකට යටත් කිරීමේ හැකියාව ලැබෙනු ඇත.දැනට ඉන් අනතුරුව මුදල් ලැබුණ ශ්‍රී ලංකා පාපන්දුවලට අමාත්‍යවරයාගේ තීරණ නිසා එය අත් වී ඇති අතර අඩුම ගණනේ ඒ ගැන සිතා හෝ තත්ත්වය නිරාකරණය කරගැනීම පසෙකලා “අපිට ඕනි මෙහෙම වැඩ කරන්නට යනුවෙන් එකක්” යන්න ජාත්‍යන්තරයට ඒත්තු ගන්වන්නට අවශ්‍යය පසුබිම සැකසීමට කමිටු පත් කිරීම අමාත්‍යවරයාගේ ක්‍රියාව වී ඇත.

රටේ ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියදී සුනිල් ජයවීර විසින් නිර්මාණය කරන ලද පාසල් ක්‍රීඩා සංකල්පය නොවන්නට අදටත් රටේ ක්‍රීඩාව දැන් තිබෙන බිංදුවටත් පහළය.නැවත පිබිදීමක් දකින ක්‍රීඩා පුහුණුකරු සංකල්පය ද සුනිල් ජයවීරගේමය.ඒ සුනිල් ද දැන්නම් අමාත්‍යවරයාට අනුව වයසය.වයස වුණත් පත් කර තැන්වලට ඔහු එන්නේද නැත.ඒ වැඩ වෙන හොඳ කමටය.
මේ තත්ත්වය යටතේ අමාත්‍යවරයා 2024 ඔලිම්පික් වන විට විශාල වෙනසක් කරන්නට ඉඩ ඇත.ඔහුගේ ක්‍රීඩා නීතියක් සහිත මාර්ගෝපදේශනයක් පනත සේ ලංකාවේ ක්‍රීඩාවට ආදේශ කර,රටේ ක්‍රීඩාවේ නියෝජනය ආණ්ඩුවේ බරෙන් නිදහස් කර ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු ධජය යටතේ නියෝජනයක් ඇති කරන්නට ඉඩ ඇත.ඒ වෙනුවෙන් ඔහු කරන ශබ්ද ඔය තරම් පැතිරෙන්නේ “හිස්” නිසාය.එය මහා බරක් සේ හඳුන්වා තමන්ගේ අරමුණු කරා යන්නට උථ්සාහ කරන අයගේ හිස් බව සහ තමන් කළ දේ ගැන හරියටම දැනෙන්නට ක්‍රීඩා අමාත්‍යවරයාට තව දුර යා යුතුද යන්න ඔහුගේ බුද්ධිය විසින් තීරණය කරනු ඇත.සමහර විට ආයතන නිරීක්ෂණ චාරිකාවත් සමහර විට අමාත්‍ය සළකුණුවලින්ම අවසන් කර දැනට හොඳින් ගලා යන ඒ ආයතනවලටත් තමන්ගේ බෙර පදයට නටන නැට්ටුවන් කැඳවන්නත් ඉඩ තියෙනවා.රොෂාන් රණසිංහ යනු ඉතාම අඩු කාලයක තමන් විසින්ම කරන පත්කිරිම් වෙනස් කිරීමේත්,නැතිනම් තමන් විසින් නව පත්වීම් කිරීමේත්,ඒවාම ඉවත් කර නැවත පත් කිරීමේත් පමණක් නොව වැඩිම වරක් පරිපාලනයට පැමිණ රජයේ ඉහළ නිලධාරීන් ද පුටු මාරු කර ඉවත්ව යන තැනට හෝ ඉවත් කිරීමට මාර්ග සකස් කරමින් ද වාර්තාවක් තබමින් සිටින අයෙකි.

එසේ කල්පනා කරන විට ගීතාංජන මෙණ්ඩිස් වැන්නෙක් සිටියානම් කියා සිතෙන්නේය.ඔහු වරක් රූ රැජිණක් ජනාධිපති බිරිඳ වීම ගැන වාර්තාවක් සටහන් කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පොළඹවා ගන්නට සාර්ථක උත්සාහයක් ගත්තේය.එසේම කුඩා දැරියක් කැළනි ඟඟ දෙපසට පිහිනවා ලෝක වාර්තා යැයි මිනිස්සු ඇන්ඳුවේය.එහි එම දියණියට වූ හොඳ ශිරන්ති රාජපක්ෂ ඊටත් වඩා අන්දා තිබීම නිසා ඇයට හොඳ පාසලක් හිමිවීමය.එවැනි බොහෝ කතා අපි දනිමු.ඒ මිත්‍යා ලෝක වාර්තා රැල්ලෙන් වශිවන මිනිස්සු සමහර තැනක අනතුරුවලින් මිය යද්දී සහ දරුණු ආබාධවලට ලක් වෙද්දී පසුව පත් වි ආ මහාචාර්ය අර්ජුණ ද සිල්වා සමඟ,එහි වත්මන් අධ්‍යක්ෂවරයාගේ මඟ පෙන්වීම යටතේ ඒ බොරුව වෙනුවට සැබවින්ම ලෝක වාර්තාවක් තබන ආකාරය,සනත් බණ්ඩාරගේ වාර්තාව හරහා රටට පෙන්නා දීමට මැදිහත් වූ අයෙක් සේ, මේ ලියුම්කරු කියන්නේ,නැවත ක්‍රීඩාව ඒ පැත්තට හරවන්න මහන්සි වෙන අයට ක්‍රීඩා අමාත්‍යංශය රස ගුලාවක් වි ඇති බවය.
ක්‍රීඩාව අමාත්‍යවරයාගේ නොවී අමාත්‍යවරයා ක්‍රීඩාවේ වීම යන වෙනස නොපෙනෙන තරමට සියුම්ය.හැබැයි එහි ප්‍රතිපලවල හොඳ නරකවල බලපෑම……………….

අපට පෙනෙන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා පදක්කම තිබිය යුතු තැනට පඬික්කම ඇඳ තබා ගැනීමට උත්සාහ කරන බවය.අමාත්‍යවරයාට ක්‍රීඩා ලෝකයේ දිග පළල ගැන හරියට දැනෙන්නට ගන්නේ සමහර විට ආසන්නයේම සිඳුවිය හැකිව ඇති ජාත්‍යන්තර ක්‍රීඩා සංවිධාන රටේ නායකයාට ඇමතීමේ ඉඩ ද සම්පූර්ණ වූ පසුය.එවිට උපදේශකයන්ගෙන් අමාත්‍යවරයාට ගත හැකි සටන් පාඨය දේශිය ක්‍රීඩාවක් තනන්නට ගත් උත්සාහයේදී අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණවලින් තනතුරෙන් පහකිරිම වැනි වචන පෙළක්ය.ලංකාවේ දේශපාලනයේදී එවැනි වචනවලින් හොයන්නට හැකි ඡන්ද ප්‍රමාණය සීඝ්‍රයෙන් පහත වැටෙමින් තිබෙන නිසා එය ද පලදායී විය නොහැකිය.

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan