ඉරානයේ පාසල් සිසුවියන්ට විෂ ශරීරගත වීම හෙවත් ජීව විද්‍යාත්මක ත්‍රස්තවාදයක් සම්බන්ධයෙන් ඉරාන රජයට චෝදනා

Date:

ඉරානයේ Qom සහ Borujerd නගරයන්හි පාසල් සිසුවියන් කිහිප දෙනෙකුට විෂ ශරීරගත වීමත් සමඟ පසුගියදා බාලිකා පාසල් සැලකිය යුතු ප්‍රමාණයක් වසා දමනු ලැබූ අතර, මේ සම්බන්ධයෙන් ජනතාව චෝදනා කරනු ලැබුවේ හිජාබයට එරෙහි මෑත කාලීන විරෝධතාවලදී තරුණියන් ඉටු කළ භූමිකාවට පලිගැනීමක් වශයෙන් ඉරාන රජය විසින් ජීව විද්‍යාත්මක ත්‍රස්තවාදයක් ආරම්භ කර ඇති බවයි.

පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය කොමිසමේ සාමාජික වෛද්‍ය Homayoun Sameyah Najafabadiමේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත වාර්තා කර තිබුණේ Qom සහ Borujerd වැනි නගරවල පාසල් සිසුවියන්ට විෂ ශරීරගත වීම හිතාමතාම සිදු කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් රෝහල් වෛද්‍යවරයෙකු නිර්ණාමිකව විදෙස් මාධ්‍ය වෙත වාර්තා කර තිබුණේ පවතින දත්තයන්ට අනුව මෙම විෂවීම කාබනික පොස්පේට් කාරකයක් හේතුවෙන් සිදුව ඇති බවත්, තමා කිසිදු දිනක කාබනික පොස්පේට් කාරක සමඟ විෂ ශරීරගත වූ කෙනෙකුට ප්‍රතිකාර කර නොමැති බවත්, මෙම විෂ ශරීරගත වූ සිසුන් දැඩි දහඩිය දැමීම, අධික ලවණ පිටවීම, වමනය, බඩවැල්වල අධික චලනය සහ පාචනය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කළත්, මෙම කාරකය භාවිතා කර පහරදීම සිදු කර ඇති බවයි.

පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් කෝපයට පත් දෙමාපියන් කොම්හි ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ අතර පරීක්ෂණ පැවැත්වීමට නියමිත බැවින් පාසල් කිහිපයක් වසා දමා ඇති අතර නිව් යෝර්ක් හි පිහිටි ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන Masih Alinejad මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ මෙම රසායනික ප්‍රහාරය ඉස්ලාමීය ජනරජය විසින් අනිවාර්ය හිජාබය ප්‍රතික්ෂප කළ නිර්භීත කාන්තාවන්ගෙන් කරන ලද පළිගැනීමක් වශයෙනි.
එමෙන්ම ඇය වැඩිදුරටත් ලොව පුරා සිටින කාන්තාවන්ගෙන් හා ප්‍රජාතන්ත්‍රවාදී රටවල නායකයන්ගෙන් ඉල්ලා තිබුණේ ඉස්ලාමීය රාජ්‍ය ඉරාන පාලන තන්ත්‍රය ගැහැණු ළමයින්ට සහ කාන්තාවන්ට වෛර කරන බැවින්, පීඩනයට පත් වූ එම කාන්තාවන් වෙනුවෙන් හඬ නගන ලෙසත්, කමේනිගේ පාලනය හුදකලා කරන ලෙසත්ය.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් වෙනුවෙන් පක්ෂ පාට භේදයකින් තොරව විශාල පිරිසක් පෙනී සිටිනවා – අකිල

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින...

සුළු සුළු දේවල්වලට නම් හිරේ දාන එක වැරදියි!

කොළඹ LNW:සුළු සුළු කාරණා මත, දේශපාලන නායකයන් අල්ලා හිරේ...

රනිල් වෙනුවෙන් විපක්ෂයේ නියෝජිතයින් ඒකාබද්ධ මාධ්‍ය හමුවක (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට...

අරෝෂ 72 – 102 දක්වා ඉහළ නංවයි!

නිශ්මං රණසිංහ අගෝස්තු 24, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...