IMF අගෝස්තු, සැප්තැම්බර් දක්වා පමා වෙන ලකුණු..?

ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ද්විපාර්ශ්වික ණය සම්බන්ධයෙන් චීනය සමඟ එකඟතාවයකට පැමිණෙන තෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ණය වැඩසටහනකට එළඹීමට ශ්‍රී ලංකාවට නොහැකි වන බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසූවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ණය වැඩසටහන සාර්ථක කර ගැනීමට නම් ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ණය සඳහා අවම වශයෙන් වසර 10ක පමණ ණය සහන කාලයක් ලබා දීමට චීනය එකඟ විය යුතු බවයි.

පවත්නා තත්ත්වයන් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ණය වැඩසටහනකට එළඹීම මෙම වසරේ අගෝස්තු, සැප්තැම්බර් කාලය දක්වා කල් යා හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය, ප්‍රියංග දුනුසිංහ පෙන්වා දෙයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මනියේ ජීවන වියදම් විරෝධතා ප්‍රචණ්ඩ වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ජර්මනියේ ඉහළ යන...

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...