අනුර මම කියන්නම් ඔයා කවුද කියලා – හිරුණිකා

Date:

අනුර කුමාර දිසානායක මහතාට දේශපාලනය කිරීමට අයිතියක් තිබේ නම්, ඒ අයිතිය එල්ටීටීඊ සංවිධානයේ නායක ප්‍රභාකරන්ටත් තිබෙන අතර, ප්‍රභාකරන් තම අයිතිවාසිකම් වෙනුවෙන් අපරාධ කළ බවත්, ඒ අනුව බැලීමේදී ජනතා විමුක්ති පෙරමුණ සහ එල්ටීටීඊ සංවිධානය අතර වෙනසක් නොමැති බවත් සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ ඉකුත් දින පැවති ජන හමුවක් අමතමිනි.

“අනුර මම කියන්නම් ඔයා කවුද කියලා. ඔයා කාබාසිනියා මෑන්. අපි කියන්නේ ඇත්ත. 1988-1989 කාලයේ මගේ ගෙදරට මගේ තාත්තාව මරන්න එනකොට අවුරුද්දයි මට. මාව ඔඩොක්කුවේ තියාගෙන ඉන්න කොට තමයි අපේ ගෙදරට ඇවිල්ලා ටී පනස් හය දික් කළේ. වෙලාවට අපේ සීයා ජීවත් වෙලා හිටපු හින්දා ටී පනස් හය පොළොවට පතිත කරලා පොළොවේ සම්පූර්ණයෙන් වළක් හැදුණා, උණ්ඩවලින්.

අපේ තාත්තා මාව වඳුරෙක් බදා ගන්නවා වගේ බදාගෙන හිටියේ. මොකද මේ දැන් වැදෙයි මේ දැන් වැදෙයි පිටට වෙඩි උණ්ඩ කියලා. එහෙමයි අපේ තාත්තා මාව බේරා ගත්තේ. එදා වෙඩි උණ්ඩයක් එහෙ මෙහෙ වුණා නම් මමත් නෑ තාත්තත් නෑ, මට අවුරුද්දයි. ඔන්න ඔය වගේ පවුල් කීයක් තමුන්ගේ ඇස් ඉස්සරහ තමුන්ගේ අම්මා තාත්තා ලේ ගංඟාවල මැරිච්ච ළමයි අද වැඩි වියට පත් වෙලා තවමත් ඒ කම්පනයෙන් ඉන්නවා ඇද්ද. මේවා අපරාධ නෙමෙයිද. අනුර කුමාරට දේශපාලනය කරන්න අයිතිය තියෙනවා නම් ඒ අයිතිය ප්‍රභාකරන්ලාටත් තියෙනවා. ප්‍රභාකරන් ඒ දවස්වල මොකක්ද කිව්වේ, එයා තමුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමයි මේ විදියට අපරාධ කළේ. අනුර කුමාරලාගෙන් ඇහුවාම ඒ ගොල්ලොත් කියන්නේ අයිතිවාසිකම් ජයග්‍රහණය කිරීමේදී මේ වගේ සුළු සුළු අපරාධ සිද්ධ වෙනවා කියලා. එහෙනම් දෙගොල්ලන්ගේ මොකක්ද වෙනස. ඉතිහාසය දන්න කවුරුත් ඔය ජවිප‍ෙ පැත්ත බලන්නවත් දෙන්නේ නෑ.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...