චීනයේ අපනයන ආනයන බැංකුවෙන් මෙරටට සහතිකයක්

Date:

චීනය විසින් යළිත් අවධාරණය කරනු ලබන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා ශ්‍රී ලංකාවේ ණය ඉල්ලුම් පත්‍රයට සහාය ලබාදෙන බවයි. ඒ වෙනුවෙන් චීනයේ අපනයන ආනයන බැංකුව සහතික වී ඇති බව චීනය යළි අවධාරණය කර තිබේ.

චීනයේ අපනයන ආනයන බැංකුව විසින් ඊට අදාළ ලේඛන මුදල් අමාත්‍යාංශය වෙත භාර දී ඇති බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් දෛනික මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ කෙටි කාලීන ණය පහසුකම් ගෙවීම සඳහා වසර දෙකක කාලයක් ලබාදීමට එම එකඟතාව මගින් ප්‍රකාශ කර ඇති බව ඇය පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් පවසා ඇත්තේ, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් ඇතුළු වාණිජ ණය හිමියන්ට සහ බහුපාර්ශවික ණය හිමියන්ට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උපරිම දායකත්වය ලබාදෙන ලෙස අඛණ්ඩව ඉල්ලා සිටින බවය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට චීනය අඛණ්ඩව සහාය ලබාදෙන බව ද ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග එක්ව ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමටත්, තිරසාර සංවර්ධනයක් ලබාගැනීමටත් ධනාත්මක කාර්යය භාරයක් ඉටුකිරීමට කටයුතු කරන බව ඇය වැඩිදුරටත් කියා සිටී.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15) දින...

51ක් වන G7 සමුළුව අදින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 51 වන G7...

කොළඹ නගරාධිපති සටන : රීසා සාරුක්ට අත්සන් 62ක් !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයෙන් තරග...

ජනපති අනුර යළි දිවයිනට

ජර්මනියේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර...