මුදල් කාරක සභාවේ සභාපති ධූරයට නැවතත් හර්ෂ…?

සමගි ජන බලවේගය පවසන්නේ පුරප්පාඩු වී ඇති පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යළි යෝජනා කළ බවයි.

ඊයේ (01) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමේදී එම යෝජනාව පක්ෂ නායකයින් වෙත ඉදිරිපත් කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

විපක්ෂයේ සියලු පක්ෂවල එකඟතාවයෙන් අචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම අදාළ සභාපති ධුරයට යෝජනා වී ඇතැයි සඳහන් වේ.

කෙසේ වෙතත් ඒ සඳහා කතානායකවරයාගේ මූලිකත්වයෙන් රැස්වන පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල නියෝජිතයින්ගෙන් සමන්විත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අනුමැතිය හිමි විය යුතු අතර, පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපර සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවන් සඳහා සභාපතිවරුන් පත් කිරීමේදී අදාළ කාරක සභාවල සමාජික මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්ත මත පත් කළ යුතු වුවත් මුදල් කාරක සභාව සඳහා සභාපතිවරයා පත්කරනු ලබන්නේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අනුමැතියට යටත්වයි.

පසුගිය දා ආණ්ඩු පක්ෂයේ යෝජනාවක් අනුව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා මුදල් කාරක සභාවේ සභාපති ධූරයට පත් කළ නමුත් පසුව ඔහු එම තනතුරින් ඉල්ලා අස් වූ අතර එසේ පත්වූයේ, මීට පෙර විපක්ෂයෙන් අචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා වී තිබියදීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...