*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

ගහලා විතරක් නෙමෙයි කෑ ගහලත් සම්මාන

ජගත් පාපන්දු කේෂ්ත්‍රයේ 2022 වසර සඳහා විශිෂ්ඨයන් ඇගයීම මෙවරත් සිඳු වුණා.යුරෝපා පපාන්දු ලීගයේ ප්‍රධාන ක්‍රීඩා සමාජ අතර තරගවල ගෝල 700 සීමාවට පිවිස ඒ උද්දාමය සහ සතුට විඳ නිම කරන්නටත් ප්‍රථම ලයනල් මෙසි හත්වන වරටත් වසරේ ක්‍රීඩකයා යන සම්මානය හත්වන වරටත් දිනා ගත්තා.ඊට අමතරව හත්වන වරටත් වසරේ දක්ෂතම පිරිමි ක්‍රීඩකයා යන සම්මානයත් ඔහුට පිරි නැමුණා.ආර්ජෙන්ටිනාවට මේ සම්මාන උළෙලේ පැමිණි නිර්දේශ තුනම සම්මානනීය වී අවසන් වීම කැපී පෙණුනා.හොඳම දැල රකින්නා බවට එමිලියානෝ මාටිනස් සම්මාන දිනා ගත්තා.හොඳම පුහුණුකරු වූයේ ලයනල් ස්කැලෝනි විසින්.
ආර්ජෙන්ටිනාව සතු වූ මේ ත්‍රිත්ව සම්මානයට අමතරව ඔවුන් ගේ ප්‍රේක්ෂකයින් මෙහිදී හොඳම දිරි ගන්වන්නන් හැටියට ඇගයිම් ලැබිමත් විශේෂ සිදුවිමක්.පන්දුව සමඟ ඒ මේ අත දුවන ක්‍රීඩකයෙක්ට නැති විවේකයකින් තරගය පුරාම ක්‍රීඩකයින් දිරි ගැන්වීම යනු පහසු කටයුත්තක් නෙමෙයි.සෑම ක්‍රීඩාවකම ජයග්‍රහණයකින් පසුව තමන්ව දිරි ගැන් වූ ප්‍රේක්ෂකයින්ට විශේෂ ස්තූතියක් කරන්න ක්‍රීඩකයො වචන වැය කරන්නෙ සම්ප්‍රදායක් විදිහටම නෙමෙයි.ඒ දිරි ගැන්වීමෙන් ශක්තියක් තමන්ගේ හිතට සහ ගතට එන්නත් වෙන නිසයි.
ඔවුන් ක්‍රීඩාව ආත්මය කර ගත් පිරිසක්.ජයග්‍රහණය හෝ පරාජය ඔවුන්ගේ මුහුණුවල අවංක සිනහවෙන් හෝ කඳුළින් කියවගන්න පුළුවන් තරමට ඔවුන් ක්‍රීඩාවට වගේම තමන් දිරි ගන්වන කණ්ඩායමට බැදුණු මිනිස්සු.මෙවර ඒ සම්මානය දිනපු ආර්ජෙන්ටිනා ප්‍රේක්ෂකයින් වෙනුවෙන් එම ගෞරවය භාර ගන්න පැමිණ සිටියේ කාලෝස් ටූලා ය.

ඔහු 1974 සිටම ආර්ජෙන්ටිනාව ලෝක කුසලාන තරගවලදි දිරි ගැන්වීමේ යෙදි සිටින්නේය.දෝහා ක්‍රීඩා පිටි නිල් සහ සුදු ආකාශයට සමාන හැඩයකින් සරසන්නට පැමිණි දහස් සංඛ්‍යාත ආර්ජෙන්ටිනා ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් 82 හැවිරිදි ටූලා ට මෙම සම්මානය පිරිනැමීමට ඉදිරිපත් වූ ජනමාධ්‍යවේදී කැන්ටර් සහ ආර්ජෙන්ටිනාවේ මෝස්තර නිර්මාණ ශිල්පිනියක් මෙන්ම පාපන්දු තානාපතිණියක් වන ඇන්ඩ්‍රියානා ලීමා අතරින් ඇන්ඩ්‍රියානා පැවසුවේ “අද රාත්‍රියේ සැමරුම්වල කොටසක් වීමට ලැබීම ගෞරවයක්. ක්‍රීඩාවේ ජීවනාලිය වන්නේ රසිකයින්” යනුවෙන්ය.
මේ ජීව ගුණය සහිත රසිකයා නියෝජනය කරමින් සම්මානය ගත් ටූලා 1974 දී ආර්ජෙන්ටිනා පාපන්දුව වෙනුවෙන් පළමුවරට සිය බෙර හඩ මුදා හැරිය අයෙක්ය.
මං දිනපු ලෝක කුසලාන තුනම සියැසින් දැක්කා

ලූලා මෙසී,මැරඩෝනා තරමටම ආඩම්බරයෙන් පැවසීය.ඔහුට ඒ ඉතිහාසගත දිරි ගැන්වීමට පාපන්දු සම්මේලන සම්මාන රාත්‍රියේ සංවිධායකයින් ද ඉහළම ගෞරවය දෙමින් ඔහුගේ අපූරු බෙරය ද රැඟෙන වේදිකාවට ගොඩ වී ආර්ජෙන්ටිනානු දිරි ගැන්වීමේ ගීතයක් ද ගයන්නට අවසර දුන්නේය.
“සෑම තැනකම සිටින රසිකයින්ට මගේ සුභ පැතුම් යැවීමට මම කැමතියි. පාපන්දු නිර්මාණය කරන ආශාව පුදුම සහගතයි. මම එක් ආජන්ටිනා ජාතිකයෙක් පමණයි, අපේ ආදරණීය කණ්ඩායමට ඔල්වරසන් දීමට ගිය දහස් ගණනක් සහ තවත් මිලියන ගණනක් අපේ ජයග්‍රහණය සමරමින් සිටියි.ඒ සියල්ලගේ නියෝජනය යි මේ සම්මානය.”



ලොව වැඩිම දෙනෙක් ආකර්ශණය කර ගත් ක්‍රීඩාවේ දක්ෂයන් සම්මානනීය වන වේදිකාවේ සිය බෙර වැයුම් සහ සම්ප්‍රදායික පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් ගැයෙන ආර්ජෙන්ටිනානු ගියක් මුමුණන්නට පෙර ලූලා පැවසුවේය.
මෙම සම්මාන උළෙලේදි පාපන්දු රජු සේ කිරුල දරා සිටින පෙලේව ද සිහි කැඳවීය.ඒ විශේෂ සම්මානය රොනාල්ඩෝ අතින් පෙලේගේ බිරිඳ වන මාරියා අවෝකි වෙත පිරිනැමුවා.එසේම මෙවර වසරේ සුවිශේෂිම ගෝල ප්‍රහාරය සඳහා පිරිනැමෙන පුස්කාස් සම්මානය පෝලන්තයේ මාර්සින් ඔලෙක්සි ට හිමි වෙනවා.ආබාධිත ක්‍රීඩකයෙක් වූ ඔහු සිය අත්වාරු හසුරවමින් බයිසිකල් කික් එකක් මඟින් ලබා ගත් ආකර්ශණිය ගෝලයකින් එම සම්මානය සඳහා සුදුසුකම් ලබා ගත්තා.



පැරිස් නුවරම ලෝකයේ ජනප්‍රියම මිනිස්සුන්ගෙන් හැඩ වුණු රාත්‍රියේ සම්මාන ගත් සියළු දෙනා ගැන සිඳු වූ වැඩ සටහනම පාපන්දුමය ඇගයීම සඳහාම වෙන් කෙරුණු එකක් වුණා.එහි වැඩි කාලයක් පාපන්දු ලෝව සුපිරි රජු පෙලේ ඇගයීමට වෙන් කර තිබුණා.ලොව පුරා පාපන්දුවේ විශිෂ්ඨත්වය සම්මානනීය කළ එහි සම්පූර්ණ වැඩ සටහනට පහත සබඳතාවයෙන් පිවිසෙන්නට හැකියාව තිබෙනවා.
https://www.youtube.com/watch?v=usIdSbd1jPw
එසේම සම්මානලාභින් මෙන්ම නිර්දේශ නාමයන් සහ සියළු නාම යෝජනා සම්බන්ධයෙන් පහත විකිපීඩියා ගිණුමට පිවිස දැන ගැනීමේ හැකියාවත් තිබෙනවා.
https://en.wikipedia.org/wiki/The_Best_FIFA_Football_Awards_2022

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan