ගොවීන්ට අද සිටම ඉන්ධන ලබාදීමට ටෝකන් පත්

කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ, ඉන්ධන නොමිලේ ලබාදීමට අදාළ ටෝකන් පත් නිකුත් කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.

එම අමාත්‍යාංශය පවසන්නේ, ගොවීන්ට ඉන්ධන අද සිටම ලබාදීමට හැකිවන පරිදි ටෝකන් පත් නිකුත් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවයි.

චීන රජය විසින් නොමිලයේ පරිත්‍යාග කර තිබු මෙරට වී වගා කරන ගොවි ජනතාවට වගා කටයුතු සඳහා භාවිත කිරීමට ඩීසල් ලීටර් ප්‍රමාණය මිලියන 6.98කි.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් දිවයිනේ දිස්ත්‍රික්ක රැසක් සදහා අදාල ටෝකන් පත් නිකුත් කර අවසන් කර ඇති අතර කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක පහකට අද දිනය තුළ ඉන්ධන ටෝකන් පත් යැවීමට නියමිත බවත්, ඒ අනුව අද දින සිට සියලුම ගොවීන්ට නම් කරන ලද පිරවුම්හල්වලින් එම ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පවතින බවය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...