විගණන කාර්යාලයෙන් අනාවරණයක්

Date:

ජාතික විගණන කාර්යාලය අනාවරණය කර ඇත්තේ කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් අඩු ආදායම්ලාභි පවුල් සඳහා රුපියල් 5000 ක දීමනාවක් ලබා දීම වෙනුවෙන් සමෘද්ධි අරමුදල්වලින් ලබා ගත් මුදල් මෙතෙක් නිසි පරිදි පියවා නැති බවයි.

රාජ්‍ය බැංකු දෙකක පවත්වාගෙන යන සමෘද්ධි ක්ෂුද්‍ර මුල්‍ය බැංකු අරමුදල, සමෘද්ධි නිවාස සංවර්ධන ලොතරැයි අරමුදල සහ සමෘද්ධි අරමුදල යන අරමුදල් ඇපයට තබා රුපියල් බිලියන 14ක මුදලක් ණයට ගෙන ඇති බව එම කාර්යාලය සඳහන් කරයි.

ජාතික විගණන කාර්යාලය පවසන්නේ අදාළ ණය පියවිම සඳහා මාස 6ක කාලයක් ලබා දී තිබු නමුත් එම ණය මුදල ගෙවීමේ කාලය පසුගිය වසරේ ‍ඔක්තෝබර් 22 දක්වා වරින් වර දීර්ඝ කරගෙන ඇති බවයි.

අදාළ මුදල් නිසි පරිදි පියවන්නැයි සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා ජාතික අයවැය අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියකින් දැනුම් දී ඇති අතර 2021 වසරේ සමෘද්ධි සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව පිළිබඳව සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් ජාතික විගණන කාර්යාලය කියා සිටියේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...