හරිත බලශක්ති ආර්ථිකයක් මඟින් ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර තලයට ගෙනයනවා – ජනපති රනිල්

Date:

ජනාධිපතිවරයා මින්නේරිය වෝල්ටා ඔටෝ ටෙක් ඉංජිනියරින් ආයතනය විවෘත කිරීම වෙනුවෙන් අද (02) පැවැති උත්සවයට එක් විය.

විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව කර්මාන්තශාලාව නිරීක්ෂණය කිරීමට එක්වූ ජනාධිපතිවරයා පාපැදි, විද්‍යුත් යතුරුපැදි හා ත්‍රීරෝද රථ එකලස් කිරීමේ ක්‍රියාවලියේ මෙහෙයුම් පිළිබඳව ද නිලධාරින්ගෙන් කරුණු විමසූ ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

“වෝල්ටා සමාගමේ දක්ෂතා නැරඹීම සඳහා පැමිණීමට ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා. රජය පාර්ශ්වයෙන් මෙම ව්‍යාපාරයට ලබාදිය හැකි සහයෝගය පිළිබඳ අපි සොයා බලනවා. හරිත බලශක්ති ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් ගෙන ඇති මෙම පියවර අපි අගය කළ යුතුයි. මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් රටේ ආර්ථීකය හරිත බලශක්ති ආර්ථිකයකට යොමුකිරීමට සියලු දෙනා කටයුතු කළ යුතුයි. දැන් ලෝකයේ රටවල් හරිත බලශක්ති ආර්ථිකයක් සඳහා යොමු වෙමින් සිටිනවා. ශ්‍රී ලංකාව ලෙස අපිත් එම ගමන් මාර්ගයට අවතීර්ණ විය යුතුයි.”

“ඉදිරි වසර පහක කාලය තුළ හරිත බලශක්ති ආර්ථිකයක් සඳහා යොමුවීම මගින් ශ්‍රී ලංකාවට වාසි රැසක් අත් කරගැනීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා ස්ව ශක්තියෙන් නැඟීසිටින මෙවැනි ආයෝජකයන් හා ව්‍යාපාරිකයන් රටට අවශ්‍යයයි. ඒ නිසා ජගත් මාකවිට මහතාගේ මෙම ව්‍යාපාරයට මම සුබ පතනවා.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...