*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

හැඩීම,තැවීම නොවේ දැන් නැඟෙමු – තූර්කිය යුරෝපයම එකතු කරගෙන කියයි

තූර්කිය මෙන්ම සිරියාව ද හැඬවූ භූමි කම්පාවෙන් විනාශයට පත් ප්‍රදේශ තවමත් සැකසෙමින් ඇත.ඒ ඉවත්කිරීම් යට තිබී තවමත් හුස්ම වැටෙන සිරුරු ඇද්දැයි විමසිලිමත්වන මිනිස්සුන්ට එවැනි බලාපොරොත්තුවල වරදක් නැතැයි කියන්නට හුස්ම තියෙන මිනිස්සුද හමු වෙයි.ඔවුන් හුස්ම ගත්තද සමස්ත රටේ ජනතාවටම හුස්ම ගන්න අමාරු විදිහට භූමිකම්පාවෙන් සෙළවුණ ආර්ථිකය ප්‍රකෘති කිරීමට ලෝකයම සිය ආදරයේ සහ සුහදතාවයේ දෑත් සහයෝගය පිණිස එම දෙරට දෙසට දිගු කර සිටින මොහොතේ යුරෝපයම එහි කැඳවා ආදරය සංඛේතවත් කරන්න ක්‍රීඩාව පෙරමුණට ඇති මොහොතකි මේ.


මේ මිනී කඳු සමඟ රට හැමදාම හඬමින් සිටිනවාද ජිවත්වෙන මිනිස්සු වෙනුවෙන් ජීවත්වීමට සුදුසු පරිසරයක් යළිත් නිර්මාණය කරනවාද කියන උභතෝටිකය හමුවේ තූර්කය තෝරා ගත්තේ ජීවත්වෙන මිනිස්සුන්ව ජිවත් කරවීමය.සමාජය සාමාන්‍ය අතට ගැනීමේ එක් අවස්ථාවක් සේ ඔවුන් ඉස්තාන්බුල් හී පැවත්වීමට යෝජිතව තිබුණ යුරෝපීය ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලිය පවත්වන්නට තීරණය කළේය.විවිධ භූකම්පා අවධානම් කතාවන් මායිම් නොකර යුරෝපයම මේ දිරිය නැඟිටීමට දිරි දෙන්නට ඉස්තාන්බුල් එන්නට පටන් ගත්තේය.හොඳ සිහියෙන් විශ්වාසයෙන් එහි ගැටළුවක් නැති බව කියන්නට හොඳින්ම තරගවලට සහභාගි වුණේය.


ඊට කදිම සාක්ෂියක් වෙමින් ගෙවුණු බ්‍රසීල සහ ජපන් ඔලිම්පික් උළෙල දෙකේම සප්තප්‍රයාම සූරිය වූ බෙල්ජියමේ නාෆි තිහාම් පංච ප්‍රයාම ගෘහස්ත ලෝක වාර්තාව තමන්ගේ නමට ලියා ගත්තාය.ඇය ඉසව්වෙන් ලකුණු 5055 ක් වාර්තා කළාය.ඒ මීටර් 60 තත්පර 8.23,යගුලිය – මීටර් 15.54 සහ මීටර් 800 -3:13.60 යන ඉසව් තුනෙන් තම පෞද්ගලික හොඳම දක්ෂතාවය වාර්තා කරමින්ය.එසේම ඇය උස පැනීම – මීටර් 1.92 සහ දුර පැනීම – මිටර් 6.59 යන ඉසව් ද්විත්යෙන්ද කාලීන හොඳම දක්ෂතාවය වාර්තා කළාය.

තූර්කියම කියවා ගැනීමක් හැටියට භූමි කම්පාවෙන් අනතුරට පත් හටේ ප්‍රදේශයේ පදිංචිකාරියක වන මීටර් 3000 ධාවන සූරී මිකාල් එමානි භූමි කම්පාවෙන් අනතුරුව සිතට දිරි ගෙන තරගාවලිය නියෝජනයට පැමිණියාය.භුමිකම්පාවෙන් ඇයට බොහෝ දේ අහිමි විය.

“දන්න 50 ක් විතර අයට වෙච්චි දේ දන්නෙ නැහඒ අය සමීපතම නෑයො මිත්‍රයො.සමහර විට මැරිලා ඇති,සමහර විට රෝහල්වල වෙන්නත් පුළුවන්.මට මගේ පවුලෙ අය හම්බ වුණේ වීදියකදි.ඔවුන්ට රකවරණය සළස්වන දේ මම කළා.

ඇය භූමිකම්පාවෙන් ඉනික්බිති සිය ජීවිතය ගෙවුණු හැටි අවධාරණය කරයි.

පුහුණුවෙන්න ඉඩක් තිබුණෙ නැහැ.හිතේ නිදහසක් නැහැ.ඒත් පවුලෙ අයගෙ රැකවරණය සැළස්සුවට පස්සෙ යාන්තමට හිත හදාගෙන පුහුණුවීම් කරා.මම මට නැති වුණ අය වෙනුවෙන් තූර්කියට අහිමි වූ දෑ වෙනුවෙන් පෙනී හිටින්න මෙතනට ආවා.

13 වැන්නා ලෙස ඉසව්ව නිමා කරමින් පසුව එමානි පැවසුවාය.

ග්‍රීකයේ දුර පැනීමේ ක්‍රීඩක ටෙන්ටොග්ලෝ මිල්ටියාඩිස් යුරෝ 20000 ක පරිත්‍යාගය් සිඳු කළේය.මැදි දුර ධාවක ජාකොබ් ඉන්ගෙබ්‍රිග්ස්ටන් පවසන්නේ ක්‍රිඩාව හරහා මේ තත්ත්වය යහපත් කිරීමට දායක විය හැකි බවය.එසේම තූර්කියේ තත්ත්වය ගැන පිටත සිටින තමන්ට දැනෙන කම්පාව අතරේ ඔවුන් මෙවන් තරගාවලියක් සංවිධානය කිරීමට ඉදිරිපත් වීම ඉතා වැදගත් බව ද ඔහු පෙන්වා දුන්නේය.

නෙදර්ලන්තය සංවිධානාත්මකව තූර්කියට ආධාර කිරීම සඳහා තූර්කියට ආධාර දෙන Giro 555 යන්න ජනතාව අතරට ගෙන යාම සඳහා සිය ඇඳුම්වල එය මුද්‍රණය කළ ස්ටිකර් පැළ ද සිටියි.ඔවුන් එසේම ඉදිරියේදී විවිධාකාරයේ වෙන්දේසි පවත්වා තමන්ගේ වටිනාකම් අලෙවි කර තූර්කි ජනතාවට සේවය කිරීම කෙරෙහිද අවධානය යොමු කර ඇත.
විවිධ සංගම් තූර්කියේ මලල ක්‍රීඩා සංගමය හරහා මේ තරගාවලියේදී සිය අනුග්‍රහයන් තූර්කියට ලබා දෙමින් ඇත.ප්‍රවේශපත්‍ර සෑම එකකින්ම එක් යුරෝවක් වැටෙන්නේ විපතට පත් වූවන්ගේ සුබ සාධනයටය.එසේම නිල ආධාර ආයතන නම් කරමින් යුරෝපා මලල ක්‍රීඩා සංගමය ප්‍රසිද්ධියේ ලෝකයෙන් එම ආධාර ආයතන වෙත සිය අනුග්‍රහය ලබා දෙන ලෙස ඉල්ලා සිටියි.

තූර්කිය හඩන්නට කාලය වෙන් කිරිමට වඩා අහිමි වූ දේ නොලැබෙන බව දැන යළි නැඟෙන්නට කාලය වෙන් කර ගැනීමක් සේ මේ යුරෝපා මලල ක්‍රීඩා සූරතාවලියට එළැඹිම හැදින්විය හැකිය.ඒ නිසා අද ඔවුන්ගේ තනියට යුරෝපයම ආදරයෙන් එකතුව ඔවුන් සමඟ මේ ගමන යන්නට එක්ව ඇත.
දෙයකට විසඳුම හැඬීම,තැවීම ම නොවේය.යළි නැඟීම ගැන හිතන එක වැදගත්ය.තූර්කිය ගැන ශෝක වෙන අයට ඔවුන් මේ තරගාවලිය හරහා යළි ප්‍රීතිය සොයා යා යුතු බව කීමම අපුරුය.ඒ පණිවිඩය සමඟ බැදුණු යුරෝපීය මලල ක්‍රීඩාවේ මනුස්සකමට ද ස්තූතිය.


මාර්තු 5 වන දින වන විට මේ තරගාවලිය නිමා වෙනවා.ඒ තව බොහෝ වෙනස් ආරක කතාවන් ක්‍රීඩා සාහිත්‍යයට සහ සංස්කෘතියට එකතු කරමින් විය හැකියි.ඒවා තුළ කදුළු ද තිබිය හැකියි.හැබැයි සිනාසෙන්නට උත්සාහ කරන මිනිසුන්ගේ අපූරු දිරිය සහ සවිය ගැන අමතක කරන්න බැරි තරමට අපේ හදවත්වලට සමීප කරමින්.

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan