විභාග දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්

අපොස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම සඳහා පරීක්ෂකවරුන් බඳවා ගැනීමට විභාග දෙපාර්තමේන්තුව නැවත අයදුම්පත් කැඳවා තිබෙන අතර, පසුගිය දා පරීක්ෂකවරුන්ගේ හිඟය හේතුවෙන් පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලට බාධා එල්ලවී තිබුණා. පරීක්ෂකවරුන්ට ලබාදෙන දීමනාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඔවුන් පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම සඳහා සම්බන්ධ වී නොතිබීම එයට හේතු වුණා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ උසස් පෙළ ඇගයිම් කටයුතු සඳහා සම්බන්ධ වන පරීක්ෂකවරුන් වෙත දෛනික දීමනාවක් ගෙවීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව මහා භාණ්ඩාගාරය හා ජාතික වැටුප් හා සේවක සංඛ්‍යාත කොමිෂන් සභාවේ එකඟතාව මත එම පරීක්ෂකවරුන් සඳහා රුපියල් 2,000 ක අවම දීමනාවක් ගෙවීමට නියමිතයි.

දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ මාර්තු 08 වනදා දක්වා ඔන්ලයින් ඔස්සේ පරීක්ෂකවරුන් බඳවා ගැනීමට නියමිත බවත්, ඇගයීම් කටයුතු ආරම්භ වීම ප්‍රමාද වුවහොත් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමද ප්‍රමාද වීමට ඉඩ ඇති බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

දූලා නික්ම ගියපසුත් ….

සති මැද්දේ දවසකඅම්මා මතක් උනා කියමින්දුව ආවාය ගෙදරට... මාළු ඇඹුල්...

කථානායකට එරෙහි විශ්වාසභංගයේ චෝදනා ආණ්ඩුවට ඕනෑ හැටියට සංශෝධනය කරන්න බෑ – විපක්ෂයේ දැඩි විරෝධය

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එල්ල වී...

ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස හැරී කේන් කිරුළු පළඳී – කාන්තා Ballon d’Or සම්මානය ඇලෙක්සියා පුටෙලාස්ට!

සටහන – පුලී ඔක්තෝම්බර් 27, LNW (කොළඹ): ලොව පාපන්දු ක්‍රීඩකයකුට හිමි...