ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් රත්රන් මිල ද පහළ බැස තිබේ.
රන් පවුමක මිල රුපියල් 17,000 – 15,000 අතර අගයකින් පහළ ගොස් ඇති බවයි සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කරන්නේ.
ඒ අනුව ඊයේ (04) දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 170,500 ක් සහ කැරට් 22 රන් පවුමක් රුපියල් 157,500 ක් වශයෙන් මිල සටහන් වූ බවත් එම සංගමය පවසයි.
RN