*
Monday, September 23, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 03/06

  1. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදුවන මුදල් ගනුදෙනු වලදී ඉන්දියානු රුපියල භාවිතා කිරීම පිළිබඳව ඉන්දියානු මහකොමසාරිස්වරයා සාකච්ඡාවක් සංවිධානය කරයි – වෙළඳ කටයුතු ඉන්දියානු රුපියල්වලින් සිදුකිරීම කෙරෙහි ඉන්දියානු සහ ශ්‍රී ලාංකික ව්‍යාපාර ප්‍රජා අතර දැඩි උනන්දුවක් පවතින බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි – ජංගම සහ ප්‍රාග්ධන ගිණුම්වල ගනුදෙනු ඉන්දියානු රුපියල්වලින් සිදු කිරීමට හැකියාවක් ඇති බව ඉන්දියානු මහ බැංකු (RBI) නිලධාරීන් විසින් ද පෙන්වා දී තිබේ.
  2. අයවැය ප්‍රතිපාදන ඇස්තමේන්තුගත කර ඇති මුත්, භාණ්ඩාගාරය හිස්ව පවතින විට ප්‍රතිපාදන මුදා හැරීම ප්‍රශ්න සහගත බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.
  3. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇ.ඩො. බිලියන 2.9 ක ණය පහසුකමට අදාළ කොන්දේසි 15 ම මේ වන විට සපුරා ඇති බැවින් එය ලබා ගත හැකිවනු ඇති බවට ශ්‍රී ලංකාව විශ්වාසයෙන් පසුවන බව විදේශ අමාත්‍ය අලි සබ්රි පවසයි – චීනයේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතා සමඟ නොගැළපීම මත ඊට බාධාවක් පැවති බව ද පවසයි – ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පතා මේ වන විට සති 50ක් ගතව ඇති බවත්, එම අරමුදලෙන් හෝ වෙනත් ද්වීපාර්ශ්වික ණය හිමියකුගෙන් එකඳු ඩොලරයක් හෝ මෙරටට ලැබී නොමැති බව විශ්ලේෂකයන්ගේ මතයයි.
  4. ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන විට, කුරුලු උණ රෝග අවදානමක් නොමැති බවට ඉන්දියානු රජයෙන් සහතිකයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය සමත් වී නැති බව කුකුළු නිශ්පාදන ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මතලි ජයසේකර පවසයි – අමුද්‍රව්‍ය හිඟය මත කුඩා හා මධ්‍ය පරිමාණ බිත්තර නිශ්පාදකයන් ක්ෂේත්‍රය හැර දමා ගොස් ඇති බව ද අනාවරණය කරයි – නිවාඩු සමය තුළ බිත්තර හිඟයක් ඇතිවීමේ අවදානමක් පිළිබඳව ද අනතුරු අඟවයි.
  5. මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින්, 2023 අයවැයෙන් පළාත් පාලන මැතිවරණයට වෙන්කළ මුදල් මුදා නොහැරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගයට ගරු කරන බවත්, ඊට අනුකූලව කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
  6. නව ඉන්දියානු ගුවන් සමාගම් කිහිපයක් විසින් ඉන්දියාවේ නව ගමනාන්තවල සිට යාපනයට ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම් බව යාපනයේ ඉන්දියානු කොන්සුල් ජනරාල් රාකේෂ් නටාජ් පවසයි.
  7. ඊජිප්තුවේ ෂරාම් එල් ෂීක් නගරයේ පැවති ‘WBO Top Model of The World’ රූ රැජිණ තරඟාවලියෙන් ශ්‍රී ලාංකික මෝස්තර නිරූපණ ශිල්පිනී, ඇඳුම් නිර්මාණකරු සහ බැලේ නර්ථන ශිල්පිනියක වන සඳනි පීරිස් (22) තුන්වන ස්ථානයට පත්වෙයි – තරඟාවලියේ ජයග්‍රාහිකා මිස් මෙක්සිකෝ වන මරියානා මසියාස් වන අතර, දෙවන ස්ථානය මිස් කොලොම්බියා ලීසි රිවාස් මොනෙරෝ ය.
  8. වසර 17 කට පසු, ලංකා රග්බි සහ පාපන්දු සමාජය (CR & FC) සිය ශතවර්ෂය සනිටුහන් කරන මෙම වසරේ, Clifford කුසලාන Knock-Out රග්බි තරඟාවලියේ අවසන් මහා තරඟයේදී, නාවික හමුදා SC පිල ලකුණු 24-18කින් පරදවමින් ශූරතාව දිනාගනියි – මෙම තරඟාවලිය ආසියාවේ පැරණිතම රග්බි තරඟාවලියයි.
  9. එක්සත් ජනපදයේ ඔහයෝ ජනපදයේ කොලම්බස් හි පැවති Arnold Classic 2023 කායවර්ධන තරඟයේ ‘Super Heavyweight’ කාණ්ඩයේ සිව්වන ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලාංකික ලුසියොන් පුෂ්පරාජ් සමත් වෙයි – එම තරඟයේ සම නිර්මාතෘ, කායවර්ධන පුරාවෘත්තයක්, හොලිවුඩ් රංගන ශිල්පියකු සහ දේශපාලඥයකු වන ආර්නෝල්ඩ් ෂ්වෝසනේගර් (Arnold Schwarzenegger) ගෙන් පසු මෙම තරඟයට එම නම ලබා දී තිබේ.
  10. 1930 අප්‍රේල් 03 වන දින, එංගලන්තය බලා පිටව යන අතරතුර ක්‍රිකට් පුරාවෘත්තයක් වන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් කොළඹ මේයිට්ලන්ඩ් පෙදෙසේ කොළඹ ක්‍රිකට් සමාජයේ ක්‍රීඩා භූමිය තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වී ඇති බවට, බ්‍රිතාන්‍ය ලේඛක නිකොලස් බෘක්ස් විසින් රචිත නව ග්‍රන්ථයක් වන ‘An Island’s Eleven’ හි සඳහන් වෙයි – එම ක්‍රිකට් තරඟයේදී, බ්‍රැඩ්මන් ලකුණු 40ක් ලබාගෙන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මංගල ක්‍රීඩක නීල් ජෝසප්ගේ පළමු පන්දුවෙන් “කඩුලු පහර” වැදී දැවී ගියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan